(අංජුල මහීක වීරරත්න)
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරු වෙනුවෙන් වැඩබලන ඇමැතිවරු ලෙස රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වැඩබලන ඇමැතිවරුන් ලෙස රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු පත් කළ හැක්කේ ඇමැතිවරයා රටින් පිටව ගොස් සිටින අවස්ථාවකදී හෝ ඇමැතිවරයා අසනීපව රාජකාරියට නොපැමිණෙන අවස්ථාවකදී බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.
යම් ඇමැතිවරයකු ඉල්ලා අස්වූ අවස්ථාවකදී ඇමැතිධූරය පුරප්පාඩු වී ඇති බැවින් එවන් අවස්ථාවකදි වැඩබලන ඇමැතිවරයකු පත්කළ නොහැකි අතර තවත් කැබිනට් ඇමැතිවරයකුට එම විෂය පැවරීම කළ හැකි බවද ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත් කිරීම් රංගනයකි. ජනතාව මුලා කිරීමට ඉල්ලා අස් වූ අයම නැවත පත් කිරීමට අවස්ථාව සළසා ගැනීමකි.
මේවා ජනතාව රවටන දේශපාලන මගඩි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කල අවස්ථා කීයක් පසුගිය පරිච්චේදය තුල සිදුවූවාද? තව කීයක් සිදුවේවිද? මෙරට නිතිය බලපාන්නේ පොදු ජනයාට පමණද?
රවින් - එහෙයි එහෙයි....