(කාංචන කුමාර ආරියදාස)
වැටුප්, ආහාර, පානීය ජලය ආදී මූලික පහසුකම් පවා නොමැතිව දුෂ්කර තත්ත්වයක් යටතේ සේවයේ යෙදී සිටින ඉන්දියානු කුලීකරුවෝ 30 දෙනෙක් තමන්ව වහා තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.
මෙම පිරිස ගලේවෙල කටුපොත ප්‍රදේශයේ නිවසක නැවතී සිටින අතර ඔවුහු කුලී සේවයෙන් ද ඉවත්ව සිටිති.
ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ ජාර්කාඩ් ප්‍රාන්තයේ සිට ඔවුන් මෙරටට ගෙන්වා ඇති බවත්, පැමිණ මාස හයක් පමණ ගතවී ඇති බවත්, මාස දෙකක පමණ කාලයක සිට වැටුප් ලබා දී නොමැති බවත් පානීය ජලය නොමැතිවීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් ඔවුහු පවසති.
ගලේවෙල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් ඇදීමේ කම්කරුවන් ලෙස එක් අයකුට ඉන්දියානු රුපියල් 600 ක මුදලක් ලබා දෙන බව පොරොන්දුව සේවයට පැමිණි බව මෙම ඉන්දියනානු කම්කරුවෝ පවසති.
ඔවුන්ගේ වීසා බලපත්‍ර සහ ගමන් බලපත්‍ර සියල්ල ක්‍රිෂ්නා පවර් සමාගමේ නියෝජිතයකු සතුව පවතින බවද ඔවුහු කියති.
රාත්‍රියේ බිම නිදා ගන්නා බවත් එක මුට්ටියක් සහ තාච්චියකින් ඉවුම් පිහුම් කටයුතු කරගන්නා බවත් උදේ 8.00 සිට රාත්‍රී 10.00 - 12.00 දක්වා එක් අයකු සේවය කළ යුතු බවත් ඔවුහු කියා සිටිති. ඉන්දියානු තරුණයන් රැසක් ස්ථාන ගණනාවක මේ ආකාරයෙන් සේවයේ යොදවා තිබෙන බවත් ඔවුහු පවසති.
තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ගලේවෙල පොලීසියට මීට පෙර පැමිණිල්ලක් කළ විටදී පොලීසිය කඩිනමින් තමන්ව ඉන්දියාවට පිටත් කරන බව ප්‍රකාශ කළ ද කොන්ත්‍රාත්කරුවන් ඊට කිසිදු අවධානයක් යොමු නොකළ බව ද මෙම සේවකයෝ කියති.
මෙම පිරිස භාරව සිටින කොන්ත්‍රාත් සමාගමේ වැඩ පාලකවරයාට අප දුරකථනයෙන් ඇමතුවද එය ක්‍රියා විරහිතව පැවතිණි.
හැකි ඉක්මණින් සිය මව්රට බලා යාමට සිය විදේශ ගමන් බලපත්‍ර, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර සහ හිඟ වැටුප් ලබාදෙන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අපේ රටේ කොන්ත්‍රාත්කරුවෝ සේවකයන්ට සලකන විදිය. ලාංකිකයින්ටත් සලකන්නේ මේ වගේ තමයි. මම ඉංජිනේරුවෙක් විදියට ලංකාවේ වැඩ කරලා එපා වුණා. සේවකයින්ට සලකපු හැටියට. දැන් වැඩ කරන රටේ කම්කරුවාටත් හොඳට ඉන්න තැනක් දෙනවා. මෙහෙම කරන දියුණුවෙන් රටට වැඩකුත් නෑ. රජය මේවට මැදිහත් වෙලා නීති හදන්න ඕන හැමදෙනාටම අවශ්‍ය පහසුකම් දෙන විදියට...
මොනවා කියන්නද හිතාගන්න බෑ... අල්ලපු රටේ ගෙම්බෝ ලංකාවේ වැඩට එනවා එහෙනම්... මේක පුදුම වැඩක්නේ බන්... අපි මොක්කු කියලද හිතන් ඉන්නේ...?
අපි ඔයටික බොහොම කලින් කීවා. ඉන්දියාවෙන් අඩු පඩියට කෑම පැකට් එකට මිනිසුන් ගෙන්වා අපේ මිනිසුන්ගේ රැකියා අවස්ථා රනිල්ගේ ගිවිසුම් නිසා නැතිවෙන බව. මෙරට මීට ප්‍රථම අධිබල විදුලි රැහැන් ඇද්දේ ලංකාවේ සමාගම්ය. ඒ වැඩ කටයුතු ඉන්දියාවට දීලාය. මහජන ඡන්දෙකදී සාමාන්‍ය ජනතාව පමණක් නොව නිෂ්පාදන සහ කර්මාන්ත අහිමිවූ සමාගම්ද එජාපෙට විරුද්දව කටයුතු කරනු ඇත.
අපේ අසල් වැසියෝ බුදුන් උපන් රටේ මේ වෙලාවේ මොවුන්ට පිහිට වෙන්න ගම් වලටයි ආයාචනය
ත්‍රී වීල් එලවන එක මීට වැඩිය කොච්චර හොඳද. එකනේ තරුණ අය ඕවට යන්නේ නැත්තේ. පේනවා නේද ත්‍රීවීල් සංකෘතියේ හානිය.