
(අංජුල මහික වීරරත්න)
රටෙි පොදු නීතිය පිළිගන්නේ නැතැයි ද මුස්ලිම් ජනතාව යටත් වන්නේ ශරියා නීතියට යැයිද කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය අද(16) යෝජනාවක් සම්මත කර ගත්තේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය කොල්ලුපිටිය පොල්වත්ත මහා විහාරයට රැස්වී මෙම යෝජනාව සම්මත කරගත් බව රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
රාමඤ්ඤ නිකායේ පරිපාලනයේ උත්තරීතර මණ්ඩලයේ වන විශේෂාධිකාරී මණ්ඩල මණ්ඩල රැස්වීමට නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ ප්‍රේමවංශ,වැඩ බලන ලේඛකාධිකාරී හාන්පන්විල පාලිත, උත්තරීතර මණ්ඩලයේ මහාචාර්ය අක්මීමන ධම්මපාල ,වාද්දුවෙි ධම්මවංශ සහ තල්දෙන ආරිය විමල නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වූහ.
විශේෂාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඕමල්පේ සෝභිත නා හිමියන් පැවසූයේ අසාද් සාලි මහතාගේ ප්‍රකාශය රාමඤ්ඤ නිකාය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව කියනවා නම්, අසාද් සාලිගේ ක්‍රියාව සහ පැටිකිරි ඉස්ලාම් ෂරියා නීතියට සම්පූර්ණ පටහැනියි. මේක සමස්ත මුස්ලීම් ප්‍රජාවගේ අදහස් නොවේ. මේක ඔහු ජනප්‍රිය වෙන්න කරන වැඩ...
සියම් නිකායට නම් රටේ මොන විනාශයක් වුණත් කමක් නෑ. සැපට ඉන්න පුළුවන් නම් එච්චරයි...
හාමුදුරුවනේ.., රට අනතුරකයි තියෙන්නේ.. ලංකාව දැන් කොලනියක් වේගෙනයි යන්නේ. ඔබලා සියලු දෙනාම අන්ධයිද? කන් ඇසෙන්නේ නැද්ද? ‘‘බලන් කඩතුරා හැර දෑසේ.. ‘‘
අසාද් සාලිට කළින් හිස්බුල්ලා ලොකු ලොකු කතා කිව්වා. සෞදියෙන් කෙළින්ම මුදල් ගෙන්වගෙන එයාගේ නැගෙනහිර රාජධානිය ගොඩනගන්න පොඩි පොඩි දේවල් කරගත්තා. ඇයි එයාව මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලන්නේ නැත්තේ..?
ලංකාවේ මිනිස්සු නොමග යවන්න කරන දේවල්. මෙයාලත් ඒකට මාට්ටු..
මේවා ඔක්කොම බොරු සංදර්ශන... සමහර විට සීනි කතා වස්තුව අමතක වුණාම මේ ඔක්කොම හරි යයි. අපි නොදන්න රාජපක්ෂලා.
අසාද් සාලි නිවැරැදියි.