(චමිල් රූපසිංහ)
මේ වන විට රටේ පවතින අර්බුදය සාමකාමී ලෙස සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි මහ සංඝරත්නය අපේක්ෂා කරන බවද ලේ වැගිරීම් වැනි සිදුවීම් ඇතිවුවහොත් විදේශ රටවල් අනවශ්‍යය බලපෑම් සිදු කරන්නට ඉඩ තිබෙන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවැසුහ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, ජේ.සී අලවතුවල යන මහත්වරුන් අද (04) පෙරවරුවේ අස්ගිරි මහ විහාරයට ගොස් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව කීහ.
මේ මොහොතේ විදේශ රටවලින් මෙරටට විවිධ තහංචි දැමීමට උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව පක්ෂ භේදයෙන් තොරව එ.ජා.ප.ය ඇතුළු සෑම පක්ෂයක්ම සියලු දෙනා එක්ව මුහුණ දිය යුතු බවත් එවැනි අවස්ථාවක මෙම තහංචි දැමීමට එරෙහිව කටයුතු කිරීම වැදගත් බවත් මහනාහිමියෝ පැවසූහ.
ජාත්‍යන්තර වශයෙන් යම් යම් බලපෑම් එල්ල වන්නේ නම් එම අවස්ථාවේ මෙම දෙපාර්ශවය එකතු වෙලා ඊට මුහුණ දීම වැදගත් යැයි මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසුහ.
පවතින තත්ත්වය තුළ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම පිණිස පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවීම කාලෝචිත බවද උන්වහන්සේ මන්ත්‍රිවරුන් හමුවේ පැවැසුහ.
රනිල් වික්‍රසිංහ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතා වැදගත් බවත් ජනපති හා අගමැති මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ලේඛකාධිකාරී හිමියෝ පැවැසුහ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ සඳහන් කළේය.
"ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවීම තුළින් සියලු ප්‍රශ්න නිරාකරණය වී රටේ අගමැති කවුද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවට බාරදිය යුතුයි. අද වනවිට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව දෙස බලා සිටිනවා. කවුද නියම අගමැති, කවුද නියම ඇමැති මණ්ඩලය කියන ප්රශ්නය ඔවුන්ට තිබෙනවා" යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
මෙම පිරිස මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේ, ගාමීණී ජයවික්‍රම පෙරේරා, රංජිත් මද්දුම බණ්ඩාර, ලකී ජයවර්ධන, රංජිත් අලුවිහාරේ යන මහත්වරුද සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් පන්සලක් පැත්ත පලාතේ නොගිය අයට දැන් තමයි පන්සල මතක් වෙලා තියෙන්නේ. කලින් සෑහෙන්න උඩින්නේ ගියේ...
අපේ හාමුදුරුවනේ... 2015දී ලංකාවේ වැඩි ජනතාවක් අපේක්ෂා කරපු දෙයක් තිබුණනේ. ඒක ජනාධිපතිතුමා විසින් නැතිකරලා දැම්මනේ.. ඒ වෙලාවේ ජනාධිපතිතුමන්ට අනුශාසනාවක් කළා නම් නේද හොඳ...? සමාවෙන්න මම මෙහෙම කිව්වට...
දූෂණ හොරකම් නැති ආණ්ඩුවක් හදාගැනීමටයි කාටත් ඕනෑවෙලා තිබුණේ.. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මන්ත්‍රීවරු හොරකම, නාස්තියට මුල්තැන දෙනවා.
විවෘතව උල්ලංඝනය කරා නම් උත්සවයට යන්න. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන මහ බැංකුවෙන් ගහපු සල්ලි දීලා අමැතිවරු බාගන්න.
මරු සිල්වතුන් ටික... ලෝකේ කාලා වතුර බීපු කට්ටිය ගුණගරුක, ශාසනමාමක ගිහි පින්වතුන් වගේ සුදු ඇඳගෙන ඇවිත් ඉන්න හැටි බලලා කෑම ටිකත් දිරවන්නේ නැතුව ගියා. රට අගාධයට ඇදලා දාලා දුක කියන්න ගිහින්. අපේ රටේ අහිංසක මිනිස්සු හොඳ නිසා මෙයාලා මෙහෙමවත් රැකිලා ඉන්නවා. හිනායන වැඩේ කියන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලපු මොවුන් සහ මොවුන්ගේ නායකයාට කියනවා එහෙම මැදිහත්වීමක් වුනොත් රට බේරාගන්න කියලා. මේකත් හරියට අර සිංහ කූඩුවකට මුවෙක්ව දානකන් ඉඳලා දැන් ඒ මුවාව බේරාගන්න කියනවා වගේ වැඩක්.
ආයෙත් අහලා. අස්ගිරිය මහා විහාරයේදී හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න අනුශාසනා දුන්න ඒවාත් මතක් කළාද දන්නේ නැහැ. ඒ වැඩේනං හරියාගෙන එන පාටයි.
රනිල්ගේ පිස්සු ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉංග්‍රීසි සිංහල වෙනම අර්ථකතන දෙනවා. ඒ එක්කම දෙමලෙන් ඊලමවත් දීලද දන්නේ නැහැ. පහුගිය කාලෙම පැහැදිලි වුණු එකක් තිබුණා. මංගල, රනිල්, චන්ද්‍රිකා, වැනි මිනිස්සු රටේ සිංහල මිනිස්සු එක්ක බද්ධ වෛරයකින් පෙළෙනවා. මොවුන්ගේ බොහොමයක් තීරණ බහුතර ජනතාව එරෙහිව වුනු ඒවා. සජිත් එජාපෙ නායකයා කරන්න ඕනේ. තමන්ට කියලා, දරුවෙක් මුනුබුරෙක් ඉන්නවා නම් රටේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න පුළුවන්... මේ මිනිස්සුන්ට එහෙම නැති නිසා ගන්න තීරණ බහුතරයක් පක්ෂපාතියි...
එක්සත් ජාතික පාක්ෂිකයින් පන්සල් යන්න... පත්වීම් ගත්තේ නැහැ. ජනතාවට වැඩ කරන්න පත්වීම් බාර ගත්තේ කවුරු මොනවා කිව්වත් ලෝක නායකයින් ගෙන් උදව් ලැබෙන්නේ නැහැ. මෙය චීනය, ඉන්දියාව දන්නවා. ඒ රටවල් දෙක හොඳට නටවයි දන්නවා දැන්... කිසිම ධනවාදී. රටක් උදව් කරන්නේ. නැහැ කියලා ජනතාව ගැන හිතුවේ නැහැ. පුටුව ගැන හිතුවේ දැන් පතොලයි, කුරහන් කැඳ හෝ රොටි තමයි කන්න වෙන්නේ...
ගරු හාමුදුවනේ ඔය අයට, අප හට සහ අපේ කුඩා දරුවන්ටත්, කල ගුණ සැලකීම, සදාචාරය, මහත්මාකම, සහ අවංක බව ගැන කියා දීමට හොඳ උදාහරණයක් ලෙස සිරිසේනගේ ඉතිහාසය පෙන්වන්න.
ආගමක් මතක් වෙන්න පරදින්නම ඕනේ.....
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හමුවෙන්න එන ඔය හැම පාලකයන්ටම කියා දෙන්න අර්ථයෙන් ධර්මයෙන් රටක් පාලනය කරන විදිහ. බුදුරජාණන් වහන්සේ දේශනා කල සප්ත අපරිහානිය ධර්ම , දසරාජ ධර්ම අද කාලයට ගැලපෙන විදියට යොදාගන්න කියන්න. නැතුව නිකන් සුදු ඇන්දට අටපිරිකර ගෙනාවට බෞධයෝ වෙන්නේ නැහැ. ඔබවන්සේලාට ලොකු දෙයක් මේ සමාජයට කරන්න පුළුවන්. මේ අයගෙන් අපේ රටට වෙන හානිය නතර කරලා දෙන්න අපේ හාමුදුරුවනේ. නැත්තම් අපේ දරුවන්ගේ අනාගතේ ඉවරයි.