
(උපුල් හේරත්)
උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ ඖෂධ හිඟයක් තිබියදී , හිටපු අධ්‍යක්ෂකවරිය නිත්‍යානුකූල නොවන ආකාරයට දේශපාලන අධිකාරියට හා ප්‍රදේශයේ ප්‍රභූන්ට හිතුමනාපේ ඖෂධ නිකුත් කර ඇතැයි එහි කාර්ය මණ්ඩලය චෝදනා කරයි.
එම ලිඛිත සාක්ෂිවලට අනුව එවකට හිටපු රෝහල් අධ්‍යක්ෂකවරියක අවස්ථා කිහිපයකදීම උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරකුට ඉතාමත්ම වටිනා යැයි කියන, අශ්වගන්ධාරිශ්‍ට තෛලය, මහා නාරායන තෛලය හා නිර්නිර්ගූන්ඩි තෛලය ඇතුළු තවත් ඖෂධ කිහිපයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.
ඇතැම් අවස්ථාවල පළාත් සභාවේ ස්ථාපනය කර ඇතැයි කියන ආයුර්වේද ඒකකයට එය ලබා දෙන ලෙසත්, තවත් අවස්ථාවක විහාරාධිපති හිමි නමකගේ නමට එම ඖෂධ ලබා දෙන ලෙසත් එම ලිපිවල සඳහන් වේ.
අනුරාධපුර පිහිටි පළාත් ආයුර්වේද රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගියකු වෙනුවෙන් එක් මාත්‍රාවක් හැටියට කියවෙන තෙල් අවුන්ස එකක් ලබාදීම වෛද්‍යවරයා තීරණය කළහොත්, එක් බෝතලයකින් රෝගීන් විසි හතර දෙනකුට එය ලබා දිය හැකියි.
එසේ තිබියදී, බෝතල් දෙක තුන ආණ්ඩුකාරවරයා රැගෙන යාමට ඉඩ සැලසීම රෝගීන්ට සිදු කළ බරපතළ වරදක් බව සේවකයන් අවධාරනය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පළාත් අයුර්වේද රෝහලේ කොමසාරිස් වෛද්‍ය ප්‍රියානි මල්කාන්තී ගොඩගේ මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ පැවසුවාය.
දැනට මාස කිහිපයකට පෙර රෝහලට අධ්‍යක්ෂකවරයකු හා නියෝජ්‍ය කොමසාරිස්වරියක් පත්වුණා. එලෙස පත්වීම් ලැබෙන්න පෙර මම කොමසාරිස් ධූරයෙත්, නියෝජ්‍ය කොමසාරිස් ධුරයෙත්,අධ්‍යක්ෂක ධුරයෙත් සේවය කළා. එහිදී හිටපු ආණ්ඩුකාරතුමාට සම්බාහනය සඳහා තෙල් බෝතලයක් නිකුත් කළා. ඊට මාස කිහිපයකට පසුව තවත් තෙල් බෝතල් දෙකක් නිකුත් කරන්න ඇති.
මෙම සිද්ධිය පාදක කරගෙන පෙත්සමක් ගහලා තියෙනවා .ඒ ගැන අමාත්‍යාංශයෙන් ඇවිල්ලා පරීක්ෂා කළ බව දැන ගැනීමට ලැබුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමසාරිස් තුමී කියනවනම් එයා බෝතල් නිකුත් කරා කියලා එයාගේ පුද්ගලික මුදලින් ඔය වියදම් ආපහු ගන්න. ඒ වගේම නිසි දඬුවම් දෙන එකත් කරන්න. හැබැයි ඔය වැඩේ අඩු වැඩි ලෙස බොහෝ ආයුර්වේද රෝහල් වල කරනවා. කළුතර නාගොඩ පැත්තේ දැන් අවුරුදු හතරකට විතර කලින් පටන් ගත්ත ඉතා වටිනා ආයුර්වේද රෝහලක් තිබෙනවා. එහි හිටපු ප්‍රධාන හෙදියක් ඔය වගේ බෙහෙත් වර්ග ගෙනිච්චා කියලා අහලා තියනවා. සියලුම රෝහල්වල සේවය කරන උදවියගේ ගෙවල් චෙක් කරොත් ඔය බොහෝ දෙනෙක් ගෙවල්වල පාවිච්චියට ගෙනිච්ච දේ තියනවා. ඒ අතර සමහරු බෙහෙත් වර්ග පන්නලා බිස්නස් එකක් කරනවා. සිස්ටම් චේන්ජ් ඉල්ලපු ගොඩක් දෙනෙක් ඔහොමයි. ඒ අයගෙයි දූෂිත පක්ෂවල අයගෙයි ලොකු වෙනසක් නෑ.
මේ කාන්තාවට මෝල් කලන්තෙ තිබිලා වගේ.
හරක් තෙලුත් පහුගිය කාලේ දෙශපාලුවොන්ට දීලද කියල හරියටම බැලුවානම්, ස්ථිරයි හිටියේ මොන වගේ සත්තු ටිකද්ද කියල.
ඔව්. මේකට රුපියල් බිලියන ගණනක් වියදම් වෙලා ලොකු දෙයක් වෙනවා. ADB/ලෝක බැංකුවෙන් අරමුදල් සපයන ව්‍යාපෘති ගැන විමර්ශනය කරන්නේ නැත්තේ ඇයි? ඉස්කා බික් ක්චචෙන්.
ලොකු ප්‍රශ්නයක්?
මේව නම් මාලිමාගැත්තන්ගෙ සුහුඹුල් වැඩ. රටේ වෙන ප්‍රශ්න යට ගහන්න අටවන නාටක.
@පෙන්දෝ, ඒක නම් ඇත්ත. මේ මාලිමාවෝ කෝවිඩ් කාලේ හිටියා නම් මිනිස්සුන්ට පෝලිම්වල ලගින්න වෙනවා සිකුරුයි. සමහරු මැරෙයි...