
(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස මන්ත්‍රීවරයා සීඅයිඩියට කැඳවා තිබිණි.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හෙට (9) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට නැවත දැනුම් දුන් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනකු හා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් ප්‍රශ්න කරනවා නම් ඒ හා සම්බන්ධ සාක්ෂි තියෙන්න ඕනෑ. නැතිනම් අමාරුවේ.
මොලේ තියෙන චුටි දරුවෙකුට වුනත් වැටහෙනවා ඔබ තුමා කිව දේ ඇත්තයි කියලා.
පාස්කු ප්‍රහාරය මෙහෙව්වෙ කවුද කියල සියලුම දෙනා දන්නවා . ඔය නම් නොදැමිමත් කමක් නැහැ .
හැකර කටවල් කියන්නේ ඕන්න ඔය වගේ කටවල් වලට. දැන් ඉතින් විඳවන එකයි තියෙන්නේ...
සත්‍ය වශයෙන්ම අප රටේ දේශපාලුවන් යනු (කිසිදු පක්ෂ බේදයකින් තොරව) අ"වංක" කම ඔලුවේ සිට පාදවල කුර දක්වා බේරෙන පිං කඳන් රැලක් බව ඕනෑම ළදරුවෙකුටද තේරෙන පරම සත්‍යයකි. එබැවින් මේ අ"සත්‍යවාදියාද" එම පට්ටියේම ප්‍රබල සාමාජිකයකි. එබැවින් අප සඳහන් කරන්නේ මෙයාට මේ ලැබී තිබෙන මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන එම මෙලෙච්ඡ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ ඒ අපේම සහෝදර කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට තමන් කුමක් හෝ දැක්කා නම් තමන් කුමක් හෝ දන්නේ නම් ඒවා ඉදිරිපත්කරන මෙන්ය. එ් සඳහා තමන් අහොපොසත් වන්නේ නම් තමන්ගේම සදාදරණිය ඒ අම්මාට අප රටේ අවංක පුරවැසියන් විසින් කරුණාබර මෙන්ම සුන්දර වචනවලින් සැමදාම ආමන්ත්‍රණය කරනු නියතයි. එසේ මතක්කරන සෑම වෙලාවේදීම ඇයට කොත්තමල්ලි, පස්පංගුව තම්බා බීමට සිදුවෙන එක පාපයකි. එබැවින් තමන් දන්නා දෙය ප්‍රසිද්ධියේම කියලා මියගිය මිනිසුන් වෙනුවෙන් සේවයක් කරනවා. මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!
ගිහින් කියන්න ඇත්තම සිද්දිය... කොහොමද තමන්ගේ හිටපු ලොක්කා දඩයම කරගහගෙන ගියේ කියලා. එ්ක රටම දන්නවා. ඒකනේ එක ආසනේට බැස්සුවේ. ඒකත් ජාතික ලැයිස්තුවෙන් පක්ෂයේ නම මැකුණොත් ඩී.එස්. මහත්මයාට හොඳ නැහැනේ.
ඕකට තමයි සිංහලෙන් කියන්නේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා....