(සුජිත් හේවාජූලිගේ)
ඉදිරියේ එළඹෙන උත්සව සමයේ දී අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවන බව කෝවිඩි - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්ව මහතා පවසයි.
පසුගිය නත්තල් උත්සව සමයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකළ හෙයින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බව ද යුද හමුදාපතිවරයා කියයි.
එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය උපදෙස් පෙර ලෙසම පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද එහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව සමයේ සංචරණ සීමා කරලා වැඩක් තියෙනවද? අප්‍රේල් 19 ඉස්කෝල පටන් ගන්නවා නම්... රජයට එක ප්‍රතිපත්තියක් නෑ.
ගයාන් ඔබ හරියට හරි. මොලයක් තියෙන කෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් පාලනයට යෙදවිය යුතුයි.
මදෑ රට බේරගන්න විරුවෙක් ගෙනාවා.
දන්නෙ නැති දේවල් කරන්න ගිහින් මෙයත් ඉල්ලන් කෑවා.
පොඩි සර්..එතකොට අවුරුදු වලට කලින් සීමා ඕනේ නැද්ද? කොරෝනා වැඩිවෙන්නේ අවුරුදු වලට මිනිස්සු එළියට බැහැලා ඇවිද්දොත් විතරයිද? ඤාණක්කා වෙන්න ඇති උපදෙස් දෙන්න ඇත්තේ... සර්ලා ඉතින් හොඳ විදියට කරන්නකෝ...
මේ වැඩේට දමන්න ඕනෑ උගත් වෛද්‍ය විශේෂඥයෙක්. ඒ ගොල්ලන් තමයි දන්නේ මිනිස්සුන්ව ජීවත් කරන්න. මේ ආමි කාරයින් දන්නේ මිනිස්සුන්ව මරන්න විතරයි.
නිරෝධායනයෙන්, අැවන්ගාඩ් කාරයත් එක්ක එකතුවෙලා ඇතිවෙන්න හම්බ කරගත්ත නිසා දැන් මේ ජොබ් එක කරන්න පුළුවන් කෙනෙකුට දීලා මකබෑවෙන්න...