(සුජිත් හේවාජූලිගේ)
අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයනට රුපියල් දහසක සහන බඩු මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සීනි,පරිප්පු,සහල්, පිටි හා හාල්මැස්සන් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් මීට ඇතුළත් වෙයි.
සතොස හරහා ලබන මස 1 වැනි දා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි දැන් පිට රටින් හාල් ගෙනැල්ලා පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ නැද්ද?
මේකටත් අර ශිෂ්‍යත්වයේ අගට දාගත්තා වගේ නමක් කියාවිද දන්නේ නැහැ. බඩු මල්ල කොයි විදියට බෙදා දෙයිද කියන එක තමා ප්‍රශ්නේ ?
අන්න මෙතුමගෙන් තවත් ගැසට් එකක්
රුපියල් දාහක බඩුම නම් අනේ අපිව හිනස්සවන්න එපා..
පළාබබා හිනාවෙවී ඔලුව උස්සන්න බලා ඉන්න මේ වෙලාවේ 69 ලක්ෂයට ඔහොම සහනයක් සලස්වන එක කොච්චර උතුම් ක්‍රියාවක්ද?
රුපියල් 1000 බඩුමල්ල අද කාලේ මිල ගණන්වල හැටියට සාක්කුවේ දමාගෙන ගිය හැකි බඩු මල්ලකි. බෑග් නැතිව තමතමන්ගේ සාක්කුවලටම දමන්න වැඩපිලිවෙලක් සකස්කළ හැකිය.
ඔච්චරම කරදර වෙන්න ඕනේ නෑනේ. එක පවුලකට 2500 ගානේ දුන්නා නම්... ඇමතිතුමාම කියපු විදියට කාලා බීලා සැපෙන් ඉන්න පුලුවන්...
1000ක බඩු මල්ලක්? පොඩි සිලි මල්ලක් පිරෙයි ඉතින්... මෙයා දන්නවද ඩබුවල මිල? පළාත් සභා ඡන්දෙ ළඟ එනවා ඇති. මේවගේ අය පත්කරගන්න අයට ජයවේවා...!!!
මොකද අපි ඉන්නේ හරිම සතුටින් වෙනදාටත් වැඩිය. හැමදාම කන්නේ කිරිබත්... මොකද හැමදාම අපිව සතුටින් තියන්න මොකක් හරි එකක් .. ඒ අතින් අපේ සැර්ට පින්ම අයිති වෙන්ඩ ඕනෑ.. කඩේකට ගියත් අනිත්වා මිල අඩුයි හාල් පොල් ඇරෙන්න. මොකද බන්දුල මාමා 2500න් කන්න ඔක්කොම බඩු වල මිල එක සැරේ අඩු කළානේ.. මේ දැන් එතුමාටයි එතුමාගේ මෑණියන්වයි හැමදාම වගේ රටේ ජනතාව උදේ හවා සතුටින් සිහි කරන ගමන් ඉන්නේ ...
බන්දුල මේ මඩුමල්ල සියලුම දුගී ජනතාවට ලබාදිය යුතුය. කොළඹට විතරක් දීලා ඉතිරි මුදල් යටිමඩි ගහනවා එහෙම නෙවෙයි.
විනෝද සමය ආරම්භවීමටයි යන්නේ..