
(යොහාන් භාසුර)
අවපීඩන තත්වයට පත්ව සිටි විදේශීය ජාතික කිමිදුම්කරුවෙක්ට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලබා පසුගියදා පිටත්ව ගිය බව නාවික හමුදාව පැවසීය.
ගාල්ල උණවටුන මුහුදු තීරයේ කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු අවපීඩන තත්වය නිසා රෝගී වූ වයස අවුරුදු 39 ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම්කරුවෙකු පසුගියදා ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කළ බවත් පසුව එම රෝගියා නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ නැගෙනහිර නාවික විධනයේ, කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකර පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නැවත සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු පිටත්ව ගිය බවත් නාවික හමුදාව පවසයි.
මෙම සම්පීඩන කුටීරය තුළ 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා අවපීඩනයට පත් රෝගි වූ පුද්ගලයින් තිදෙනෙකු සාර්ථකව ප්‍රතිකාර ලබා දීමට හැකිවී ඇති බවත් නාවික හමුදාව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd