IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවන්හල් හිමිකාරියගේ පියා රුපියල් 20කට මැදිව මියයයි

(තිස්ස කොටින්කඩුව)

කදාන නගරයේ අවන්හලකදි රුපියල් 20ක්  නිසා ඇතිවුන කතාවක් දුර දිග යාමෙන් පහරකෑමට ලක් වු 65 හැවිරිදි පුද්ගලයකු රාගම රෝහලට ඇතුලත් කිරිමෙන්  පසු මිය ගොස් ඇතැයි කදාන පොලිසිය පවසයි.

පහර කෑමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇල ලේක්සිටිහි පදිංචි 64 හැවිරිදි සුගතපාල සිල්වා නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පදිංචි 34 හැවිරිදි තරුණයකු මේ වන විට සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මිය ගොස් ඇති අයගේ ගේ දියනිය කදාන ප්‍රදේශයේ බර්ගර් කෑම අලෙවි කරණ කුඩා අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති අතර සිද්ධිය වු අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි තරුණ ජෝඩුවක් එම අවන් හලෙන් බර්ගර් කෑම එකක් ම්ළදි ගෙන ඇත.

එහි මිළ 520 වි ඇති අතර මිළදි ත් ගත් තරුණයා එම මුදල දුන් බව පවසා සිට ඇති අතර අවන්හලේ හිමිකාරිය පවසා ඇත්තේ එම පුද්ගලයා ලබා දුන්නේ රුපියල් 500 පමණක් බවය.

මෙහිදි ඇතිවුන සුලු බහින් බස් විමට අවන්හලේ පැත්තක අසුන්ගෙන සිටි අවන්හලේ හිමිකාරයගේ පියාද මැදිවි අතර එහිදි ඔහුට හෙල්මට් පහර වැදි ඇති බව සිදු කළ විමර්ශන කටයුතුවලදි හෙලිවු බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

අවන්හල් හිමිකාරියගේ පියා රුපියල් 20කට මැදිව මියයයි

Sarasi Saturday, 27 August 2022 05:03 PM

ඕනෑම තැනකදී බඩු අරගෙන සල්ලි දෙනවිට හදිසියේ දෙන්න එපා. දීලත් ගාන හරිද අහන්න පුරුදු වෙන්න. කඩ කාරයෝත් එකපාරටම අරන් සල්ලි දාගන්නවා. ඊට පස්සේ අහනවා සල්ලි දුන්නද කියලා. එහෙම නොවෙන්න බඩු මිලදී ගන්න. ඔහොම තැන්වලට යන්නේ මොකටද? පව් අහිංසකයා කෑමත් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site