( ගාඩියන් ඇසුරෙනි )
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධී මුදල් හා රත්‍රන් තබා ගත් බවට දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයින් කටයුතු කර ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
ඇය විසින් නීතිවිරෝධීව ඩොලර් 600,000ක් සහ රත්‍රන් ලබාගෙන ඇති බවට මියන්මාර ජුන්ටාව චෝදනා කර සිටී.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හිටපු නායකයින්ට එරෙහිව එල්ල කළ බරපතළම චෝදනාව මෙය වේ.
පසුගිය පෙබරවාරි 01 වැනිදා හමුදා කුමන්ත්‍රණය සිදුවිය.නමුත් චෝදනා සඳහා මෙතෙක් සාක්ෂි ඉදිරිපත්කර නැතැයිද ගාඩියන් වාර්තා වේ සදහන් වේ.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්කෙනෙකුත් මියන්මාරයේ ඉන්නවා. ඒ වුණාට එයාගේ වැඩේ දවස් පතා ලංකාවේ ආණ්ඩුව.., මුට්ටි පැණි වගේ දේ විවේචනය කරන අයට විරුද්ධව අන්තර් ජාලයේ පැදුරු වගේ ලිපි පල කරන එකයි. දැන් ඔන්න ලංකාවේ වෛද්‍යවරුන් තුන්දෙනෙක් එක්ක ලොකු අඬදබරයක් ඇති කරගෙන ඒක ගැන පිටු ගණන් ලියනවා. රස්සාව කරන්නේ කොයි වේලාවේද? මට නම් තේරෙන්නේ නෑ.