(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන් වරයෙකි.
පැමිණිලිකරු පදවන ලද තී රෝද රථයෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට එම නීති විරෝධී මත්පැන් වන කසිප්පු කරදරයකින් තොරව ඉදිරියේදී විකිණීමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000ක මුදලක් ඉල්ලා රුපියල් 5000 ක මුදලක් පළමුව සැකකරුවන් දෙදෙනා ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳලා හිටලා හොඳ වැඩත් වෙනවා. ඕවා සිද්ධි කෝටියකින් එකක් විතරයි.
තෝරු මෝරු කේස් විත්ද්‍රෝ හාල්මැස්සෝ කේස්