(මනෝප්‍රිය ගුණසේකර)
කළුගල් බලපත්‍රයකට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගම්පහ දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රි මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි අජිත් සිසිර කුමර යන දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසමේ දැනුම්දීම පිලිගනිමින් විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍රය අල්ලස් කොමිසාරිස් ජනරාල්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවකට අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ නිදහස් වුනේ වරද ඔප්පුකර ගන්න බැරුව නොවෙයි.. ඇතුලේම වූ සෙල්ලමක් නිසා...
මෙවන් නඩු 39ක් ඉවත්කර ගැනීමට 39 ලක්ෂයක් අනුමැතිය ලබාදී ඇති බැවින් අනුර කුමාරට දොස් තබා හිත හදාගන්න..
මේ පින්වතුන් දෙදෙනා මොන පක්ෂෙද කියලා දන්නේ නැහැ. එතකොට අපිට තීරණය සාධාරණීකරණය කරන්න පුළුවන්.