
(සුමිත් පොතුපිටිය)
කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් සදහන් කලේය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කරන පරීක්ෂණයට අදාලව අපරාධමය චෝදනා ගොනු නොකර සිටීම සදහා සැකකාර පොලිස් පරීක්ෂක විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා සිට ඇති බව වාර්තාවේ.
සැකකාර පොලිස් පරීක්ෂක වරයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය දිනක ලබගෙන ඇති අතර, ඉතිරි ලක්ෂ 9 ක මුදල ලබා ගැනීමට කළුතර ප්‍රසිද්ධ සංචාරක හෝටලයකට පැමිණ එම මුදල ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd