( සුමිත් ප්‍රේමතිලක) 

රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කළේය .

2022 වසරේ පළමු ශ්‍රේණිය සදහා දරුවෙකු පාසලට ඇතුලත් කිරීම වෙනුවෙන්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් අයදීම සහ ඉන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් පස්වරුවේ ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණි .

ලබන පෙබරවාරි  13 දා නඩුව යලි කැදවීමට නියමිතයි .