(මනෝප‍්‍රිය ගුණසේකර)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය.
විත්තිකාර හිටපු උප පොලිස් පරීක්‍ෂවරයාට නියම කළ වසර 8ක සිරදඬුවම වසර 4ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරයා නියම කළේය
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කෙරිණි.
විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ටී. පුන්‍යවර්ධන නමැත්තාටය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ ද ඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් නිල ඇදුමට මුවාවී සමාජයක් විනාශ කිරීමට උදව් දෙන අයට නිසි දඩුවම් දීම පිලිබදව ගරු අධිකරණයටත් ගරු විනිසුරුතුමාටත් අප හිස නමා ආචාර්ය කරන්නෙමු.
අන්තිමට සිදුවී ඇත්තේ පොලිස් හොරා රු 10,000 ලාභයක් ලැබීමයි...... ඇමෙරිකාවේ නම් මේකාගේ දෙපොලත් රාජ සන්තක වෙනව. ලංකාවේ කුඩු මුදලලිලව නලවනලව ඉන්නවානෙ.
අල්ලස් අරගෙන බේරගන්න හදල තියෙන්නේ සමාජෙට විසක් වුනු කුඩු වෙළෙන්දෙක් ..අල්ලස් අරගෙන මිනිස්සු කොහොම කාල ඇඳලා ඉන්නවද මන්දා.
කොහොමත් කහවත්ත පොලිසිය ඉතාම නරක එකක්නේ