IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අල්ලස් ගත් ඒ.එස්.පී වසර 14ක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

සම්බාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 30000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 30000/-ක මුදල යළි අයකර ගැනීමටද නියම කළේය.

වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීමට යොදවා සිටියදී මීට වසර 07කට පෙර කළ වරදක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව වු චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 30000/-ක දඩයකටද විත්තිකරු යටත් කළේය.

චෝදනාවන්ට වරදකරු වීමෙන් අනතුරුව මෙලෙස දඬුවම් නියම වුයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ ජයතිලක බණ්ඩාර නමැත්තාටය.

2018 බෙරවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වෙන්නප්පුවේදී එහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 40000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 30000/-ක් ලබාගැනීම ඇතු`ථ චෝදනා 06ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු මීට වසර 07කට පෙර වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් සේවයේ යොදවා සිටියදී පැමිණීලිකාර කාන්තාව වෙන්නප්පුව නගරයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා රුපියල් 40000/-ක මුදලක් ඉල්ලා අති බව’් පසුව එම මුදල රුපියල් 30000/- දක්වා අඩුකර ඇති බවත් අනාවරණය විය.

 



අදහස් (2)

අල්ලස් ගත් ඒ.එස්.පී වසර 14ක් හිරගෙට

Perera Monday, 14 July 2025 07:57 AM

දැන් හිරගෙදර දර පලද්දි මෙයාට සම්භාහනය මතක් වෙනවා නිසැකයි

:       1       7

රුචිර Monday, 14 July 2025 02:21 PM

දඬුවම බරපතල වැඩියි ද කියලා හිතෙනවා .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site