(උපාලි ආනන්ද)
ත්‍රිකුණාමල - හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට යම් උපක්‍රමයක් භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ රසික ගිම්හාන් ධනංජය රාජසිංහ නැමැති කැබ් රථ රියදුරෙකුටය.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන සතුන්ට අවහිර කිරීම් සහ හිංසා කිරීම් තහනම් මාර්ගයක් ලෙස, නම් කර ඇති ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේදී 2021 දෙසැම්බර් 25 වන දින සැකකරු එම වරද සිදු කර ඇති බවට, වනජීවී නිලධාරීහු ඔහුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ, උද්‍යාන භාරකරු ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. එල්.කේ. වාසල මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පොඩි මිනිස්සුන්ගෙන්නම් නම ගම ජාතිය වතගොත ඔක්කොම දානවා
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන සතුන්ට අවහිර කිරීම් සහ හිංසා කිරීම් සහ විශේෂයෙන්ම වන අලින් හට ආහාර ලබාදීමද තහනම් කල යුතුවේ. වන අලින් මහා මාර්ගවල කාලය ගත කරනු ලබන්නේ දේශීය හෝ විදේශීය සංචාරකයන් ගෙන් ලැබෙන අහර පාන කමට පුරුදුවූ නිසාවෙනි
සල්ලිවලට කෑදර සෆාරි රියදුරන් හැම අභය භූමියකම වන සතුන්ට හිංසාකාරී විදියට හැසිරෙනවා .ඔවුන් ගැනත් විමසිල්ලෙන් ඉඳලා අධිකරණය හමුවට පමුණුවලා දැඩි දඬුවම් ලබා දෙන්න .අඩුම තරමේ සතුන්ට වෙන හිරිහැර කරදර අවම කරගන්න පුළුවන් වෙයි