
(අමදෝරු අමරජීව සහ මනුසංක කාරියවසම් )
කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියෙ අද (17) කිතුල්උතුව ප්රදේශයේදී වල් අලියෙකු ගැටීමෙන් දුම්රිය එන්ජිම පීලි පැන්න බව දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රියේ ගැටුණු අලියා එම ස්ථානයේම මියගිය අතර එන්ජිමේ ඉදිරිපස රෝද දෙක පීලි පැනීම නිසා දුම්රිය මාර්ගයට ද සුළු වශයෙන් හානි සිදු වී තිබේ.
එන්ජිම පීලි ගත කිරීම එම අවස්ථාවේදීම ආරම්භ කල අතර අනතුර හේතුවෙන් නිසා අද (17) ත්රිකුණාමලය - ගල්ඔය හන්දිය අතර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.
ත්රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රියට මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ අතර පෞද්ගලිකව මුදල් ගෙවා වෙන්කරනු වාෂ්ප දුම්රියකින් කොළඹ කොටුව සිට ත්රිකුණාමලය බලා දුම්රිය මැදිරි තුනකින් පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක් එම දුම්රිි.යෙන් යළි කොළඹ බලා යෑමට නොහැකිව අද (17) පැය ගණනක් ත්රිකුණාමල දුම්රිය ස්ථානයේ රැඳී සිටීමට සිදුවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd