





(කාංචන කුමාර ආරියදාස)
කලා වැව සහ බළලූ වැව ඉස්මත්තේ රංචු හතරක වන අලි මේ දිනවල දිවා කාලයේ මෙන්ම සවස් කාලයේ ද සැරිසරමින් සිටිනු දක්නට ලැබේ.
කලාවැව නැරඹීමට පැමිණෙන පිරිසගේ අඩුවීම හේතුවෙන් කිසිදු බියකින් තොරව නිදැල්ලේ, තණ බුදිමින් සිටින අලි 200කට අධික පිරිසක් එහි රංචු ගැසී සිටිති.
මේ අලි රංචුවේ ඇත්තු ද වෙති. අනෙකුත් අලි, ඒ ඇතුන්ව ආරක්ෂා සහිතව රඳවාගනිමින් හැසිරෙති. බොහෝ අලින්ගේ සිරුරුවල වෙඩි සලකුණුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අලි සම්පත අපගේ අනාගත පරපුරටත් දැක ගැනුමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
ධාතුසේන මහරජතුමන්ට බුදුබවම ලැබේවා!!
කාලෙකට පසුව දුටු සුන්දර දසුනක්.. 3 වෙනි පින්තූරයේ ඉන්න කෙනා තනිවෙලා, දුකින් වාගේ ඉන්නේ ඇයිද දන්නේ නැහැ.. අනෙකුත් අය නිදැල්ලේ තණ බුදිමින්, නිදහසේ ඉන්න කොට මෙයා විතරක් තනිවී මොනවා කල්පනා කරනවා ඇද්ද?
ලස්සන දර්ශනයක්. ඒත් අද පවතින කැලැ විනාශ කිරීමේ වේගය තව අවුරුදු කීපයක් තිබුණොත් මේ විදියට තියා කොහොමවත් අලි දකින්න නැති වේවි...
අති උත්කර්ෂවත් දර්ශනයකි. ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණයක්. නමුත් ඉතින් නපුරු මිනිස්සු කැලෑ කපලා ගෙවල් හදාගෙන මේ සතුන් නැතිකිරීමට කටයුතු කිරීම මේ භවයේදීම පටිසන් දේවි. කොරෝනාවත් ඉන් එකකි.
මම හිතන්නේ ඒ අලියා කල්පනා කරනවා ඇති මිනිස්සු නැතිවුණාම කොයිතරම් නිදහසේ ඉන්න පුළුවන්ද කියලා.
මනුස්සයින් වෙච්ච අපිට වඩා අවුරුදු කෝටි ගාණකට කලින් ඔයාලා මහපොළවේ දරුවො වුනේ. අපි පස්සේ ඇවිත් ඔයාලව වහල්ලු කර ගත්තා විතරක් නෙවෙයි. ඔයාලගෙ නිජ බිම් අපි අයිති කර ගත්තා. අපි මිහිකතගේ දරුවො හැටියට ඔයාලට සමතැන දෙන්න තරම් බුද්ධිමත් වුනේ නැහැ. මේ විදිහට අපි මේ මහ පොළව තනිවම බදාගෙන ගහකොල සතා, සීපාවා විනාශ කරලා පොළවේ කාන්තාර හදාගෙන තනිවෙන දවස බොහෝම ළඟයි. අපිට සමාවෙයල්ලා දරුවනේ...
මේ අලින්ට වනයේ අහාර වලින් හිඟයක් ඇති බවක් නොපෙනේ. එමෙන්ම පැටවුන්ගේ වර්ධනයක්ද දකින්නට තිබේ. මොවුන් බොහෝවිට හේන්වලට පැමිණෙන්නේ ඒවායේ වගාකර ඇති බෝග සහ කුඹුරුවල ඇති වී වලට රස වැටුණු විටයි. රටේ අලි පමණක් නොව මිනිසුන්ද ජීවත් විය යුතුයි. රටේ ඇති සියලු ගොවිබිම් වටා අලි වැට ඉදිකිරීම කළහැකි දෙයක් නොවේ. අලි පලවා හැරීමට වනජීවී නිලධාරීන් සෑම ජනාවාසයකම ස්ථානගත කිරීමද කළහැකි දෙයක් නොවේ. එබැවින්, ගම් වැද බෝග විනාශ කරමින්, ගම් වැසියන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.
සුන්දර පිංතූර ටිකක්..