
(රංජන් කස්තුරි)
නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂ තුනට ලියාපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි.
උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් තමිල් මක්කල් කූට්ටනී පක්ෂය ස්ථාපිත කර ඇති අතර නවලංකා නිදහස් පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය.
මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශිලි සන්ධානය ස්ථාපිත කර තිබේ.
ඒ අනුව මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය හෝ ආගම් අනුව පක්ෂ ලියාපදිංචි කිරීම තරම් මෝඩ කාලකන්නි වැඩක් තවත් නෑ.
හොඳටම මදි...!
ජාතිය හෝ ආගම් අනුව පක්ෂ ලියාපදිංචි කිරීම ජාතිවාදයට අනුබල දීමක් වේ..
බෙදී ගියොත් රට යයි සුන්වී... පක්ෂ තවතවත් ලියාපදිංචි කිරීමෙන් වෙන්නේ රට විනාශ කිරීමකි. දැන්වත් මැතිවරණ වේලාවල ප්‍රකාශිත ඡන්ද වලින් සියයට දහයක්වත් නැති සියලු පක්ෂ අවලංගු කළ යුතුයි...
දැන් බලනකොට ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් පක්ෂ හොයා ගන්න පුළුවන්