IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලුත් මනමාලයාට පරණ පෙම්වතියගෙන් පිහි පහර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී ඊයේ (1)  සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය  ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසයි .

තරුණයාගේ එක් අතක කැපුම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

බෝගහවැව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිටපු පෙම්වතිය බව කියන තරුණිය සමඟ මැදවච්චිය ප්‍රදේශය පිහිටි තාවකාලික ලැගුම් හලකට පැමිණ කාමරයක ලැගුම්ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

පෙම්වතා මීට දින කිහිපයකට කලින් වෙනත් තරුණියක් සමග විහාර වී ඇති බව ඇති බව කල්තියා දැනගෙන සිටි පෙම්වතිය ඒ ගැන ඔහුගෙන් විමසාඅත්  බෑග් එකේ සඟවාගෙන පැමිණි පිහියකින් ඔහුට ඇනීමට  උත්සාහ කළ අවස්ථාවේ දෙදෙනා අතර පොර බැඳීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තරුණයාගේ අතකට තුවාල සිදු වී ඇත්තේ මෙම පොරබැදීම සිදුවන අවස්ථාවේදී යැයි කියති.

පසුව පෙම්වතිය බව කියන තරුණිය නිදි පෙති අධි මාත්‍රාවකින් පානය කිරීම නිසා ඇය ද රෝගාතුර ව ඇතැයි පොලිසිය කියයි.

ලැගුම්හලේ අයිතිකරු සහ සේවකයින් වහා ක්‍රියාත්මක වී දෙදෙනාවම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 



අදහස් (0)

අලුත් මනමාලයාට පරණ පෙම්වතියගෙන් පිහි පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site