IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අලුත් නීතිපති තෝරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

(සුජිත් හේවාජුලිගේ )

නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය .

ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ජනාධිපතිවරයාට පසුව දැනුම් දෙනු ඇත .

නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් මහතාගේ නාමය ජනාධිපති කාර්යාලය විසින් කතානායකවරයාට ඊයේ (6) බාරදෙනු ලැබීය .

නීතිපති ධූරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිත අතර නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා රාජරත්නම් මහතාගේ නම යෝජනා කර ඇත්තේ ඒ අනුවය .

 



අදහස් (11)

අලුත් නීතිපති තෝරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

kamal Friday, 07 May 2021 06:12 AM

ගොට්ටෙක් නිසා යෝජනා කළා. ගොට්ටෙක් නිසා අනුමත කරාවි.

:       12       17

Asanga Friday, 07 May 2021 07:01 AM

එතකොට වෙන කවුරුවත් යෝජනා වෙන්නැද්ද?

:       3       8

විපරමා Friday, 07 May 2021 07:02 AM

කොහොමටත් මේ තනතුරු වලට පත් කරන්නේ, පාලකයන්ට ඕන විදියට නටවන්ඩ පුලුවන් රූකඩ තමා.

:       3       14

dasun Friday, 07 May 2021 07:05 AM

එතුමගේ වර්තමාන තනතුර වැඩ බලන සොලිසිටර් ජනරාල් සහ අතිරේක සොලිසිටර් ජනරාල් විය යුතුයි.

:       2       7

pradeepa Friday, 07 May 2021 07:07 AM

ඕක වැඩක් නැහැ. ජනාධිපතිට ඕන කෙනා තමයි අනුමත වෙන්නේ.

:       4       10

Mr Don Friday, 07 May 2021 07:45 AM

තවත් ස්වාධීන නීතිපති කෙනෙක්...

:       0       5

සනත් ඉතාලිය Friday, 07 May 2021 09:08 AM

ඉතින් බන් උබලත් මෙතන වැලලෙන්නෙ නැතුව උබල දන්න සුදුසු කෙනෙක් ඉන්නවනම් යෝජනා කරපල්ලකො අපිටහ් දැනගන්න. ඔන්න ඕක නිසා තමයි බන් අපේ හැමදේම දේශපාලනය වෙන්නෙ.

:       0       0

සනත් ඉතාලිය Friday, 07 May 2021 09:45 AM

එතකොට අර සුන්දර සුකුමල ප්‍රකාශ නිකුත් කරන නෝනව අපිට ආයෙ දකින්න ලැබෙන්නෙ නැත්ද? අහෝ දුකකි.

:       3       8

senaFriday, 07 May 2021 02:00 PM

කලබල වෙන්න දෙයක් නැහැ... මේ මහත්තයත් ඒ තනතුරේ තියාගන්න කැමැති වෙයි.

:       0       3

Rata Perata Friday, 07 May 2021 10:35 AM

තවත් තප්පුලන්නෙක්ගේ ආරම්භය...!!!

:       0       0

porolis sapin Friday, 07 May 2021 04:34 PM

මොනවා තෝරන්නද? ඔහේ අනුමතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site