
(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හදුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබී ඇත.
එම සැකකරු ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළට අසුරමින් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයාට වයස 30 යි. පුතාට 29යි. ඉපදිලා අවුරුද්දෙන් ළමයි හදන විදිය අහගන්න බැරි වෙයිද දන්නේ නෑ...
කලින් කොමෙන්ටුව දාලා තියෙන්නේ මේක නොකියවපු කෙනෙක්.
එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.
ගොන්බාස් , මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා (29) හැවිරිදි බවත්, අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ බවත් පැවසීය.
ගොන්බාස්ගෙ ප්‍රස්නෙ නෙමෙයි ලංකාවේ කෝටිපතියන් තමයි මේ රටට මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට යොමු කලේ . තෝරු මෝරු පස්සේ ආරක්ෂක අංශ එලවන්නෙ නැහැ හාල්මැස්සන් පසු තමයි ලුහුබැඳ යන්නේ