ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ආණමඩුව පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම රාජ්‍ය අමාත්‍යවරයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම ස්ථාන මාරුව අවලංගු කරවීමට මැදිහත් වූයේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් සහ සමහර ප්‍රකාශ සමාජයේ දැඩි ආන්දෝලනයකට ද කතාබහකට ද ලක්වූ බව කියති.
පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි කිසිම පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කිරීමට ඉඩ නොතබන බවට ද මෙම රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
ආණමඩුව පොලිස් ස්ථානයට පත් කළ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම පත්වීම අවලංගු කිරීම ගැන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය ඇතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ ද ආවරණ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආණමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇති බව විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පොලිස්පතිවරයා පෙරේදා (18) දැනුම් දී තිබිණි.
මෙම විශේෂ පොලිස් පණිවිඩය ලැබුණු දිනට පසු දින එනම් ඊයේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම අවලංගු කළ බව සඳහන් කරමින් පොලිස්පතිවරයාම නැවතත් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම නොකිවට අපි දන්නවා කවුද කියලා
රටේ පාලනය බල්ලට ගොස් ඇත. ඉතින් කොහොමද රටක් හදන්නේ...? මාලිමාව එනකල් ඔහොම තමයි...
යකෝ මේ ලංකාවෙ නීතිය තියෙන්නෙ මේ ඇමතියන්ගෙ අතේද? මේක යකාගෙ රටක්නෙ.
රජයේ සියලු මාරු කිරීම් පත්කිරීම් පාර්ලිමේන්තුව ට ම බාර දීම වඩාත් සුදුසුයි. එවිට ඒ අය ඇන කොටාගෙන ඉතාමත් සාදාරන විදිහට රාජ්‍ය පරිපාලනය සිදුවෙයි, යහපාලනෙත් සිදුවෙයි.
කාලකන්නියා හැමදේටම හරස් වෙනවා
රට හදන්න සැබෑම උවමනාවක් තිබේනම් පොලිසිය ස්වාධීන වීම අත්‍යාවශ්‍යම වෙනවා උදාහරණයක් හැටියට ගතහොත් පත්වෙන මංත්‍රීතැන ගන්නෙ ආසනයේ ජනතාවගේ කැමැත්ත වැඩිකෙනා නොවෙන්න පුළුවන් මොකද මනාප නිසා වෙනත් ප්‍රදේශවල ඡන්දය ලබන නිසා එතකොට ඔහුට එම ආසනයේ අයිතිය නැහැ එහෙම තියෙද්දී මෙහෙම බලපෑම් කරනවා කියන්නෙ ඔහුට විපක්ෂයේ අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නේද එනිසා නොපමාව දේශපාලුවො ඉල්ලීම කරන ආකාරයට පොලිසිය ස්ථාන මාරුකිරීම වහාම අහෝසි කරන්න ඕන පොහොට්ටු කුක්කො උන්ගෙ සියලු කුපාඩිකම් වසාගැනීමට මෙහෙම කරන බව අපි දන්නවා ඊළඟ මැතිවරණය වෙනුවෙන් මනාප දීමට මාලිමාව හා සජබ නායකයො මේගැන දරණ අදහස් මොනවාද කියලා දැනගන්න කැමතියි
රාජ්‍ය ආයතන විනාශ කරන්නේ මේ වගේ කාලකන්නි දේශපාලුවන් විසින් ය...
පුත්තලමේ මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.
මුන්වත් එදා ගහලා පැන්නුවා නම් අද මෙහෙම නටන්නේ නැහැ .අරගලයෙන් වෙච්ච ලොකුම අත් වැරැද්ද තමයි ඒක
රාජ්‍ය සෙවය නිදහස්ව සහ ස්වාදීනව දේශපාලන ඇගිලි ගැසිම්වලින් තොරව පවත්වා ගෙන යාමට කාටවත් උවමනාවක් නැහැ.
මේ ජනාධිපති ඔය ඇමතිවරුන්ගේ රූකඩයක් කියන්නෙ ඕක තමයි, මේ ජනපතිත් මුන් එක්ක රට හදයි කියල හිතන්න බැහැ.
1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසනතුරු ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වුනා ඒ කාලයේ පක්ෂ පාට නොබලා සුදුස්සාට සුදුසු තැන ලැබුනා මුලින්ම මේකට 70-77 කාලයේ සමගි පෙරමුණේ රජය වගකිවයුතුය ප්‍රේමදාස ජනාධිපති සුදුස්සාට තැන දීමට බදවා විභාග අනුව කරන්න නියමකලා ඒත් ඉහළ නිළධාරින් ඔවුන්ගේ හිතවතුන්ට ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ලබාදී උන්ගෙ වැඩකර ගත්තා මෙයිනුත් විශාල වාසියක් වුනේ පෙනුමැති කාන්තාවන්ට තමයි මාලිමා රජයක් යටතේ හෝ මෙම කුපාඩි දේශපාලන ක්‍රමය වෙනස්කරන්න අත්‍යාවශ්‍යම වෙනවා