(නිමල කොඩිතුවක්කු)

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමානේ ගම්බිම් බලා යන සහ නැවත කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් හෙට (9) සිට අමතර බස් සේවාවන් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් අමතර බස් සේවාවන් 1500ක් යොදවන බව එහි සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේය.