ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිදූවූ අනතුරු 3 % කින් අඩු වී ඇති බව වාර්තා වෙයි.
අලුත් අවුරුදු සමයේ දී රිය අනතුරු වලින් පුද්ගලයන් 493 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2018 වසරේ දී අනතුරු 512 ක් සිදුවූ බවත් මේ වසරේ දී එම සංඛ්‍යාව 493 ක් දක්වා අඩු වී ඇත. ගෘහස්ත අනතුරු 44 ක් වාර්තා වූ වී තිබේ.
මහ මඟ සිදුවූ අනතුරු වලින් පුද්ගලයන් 119 දෙනෙකු රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහලේ හෙද පුහුණු කිරිමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානී සොයිසා මහත්මිය පැවසුවාය.
‘සියලු සිදුවීම් වලින් 159 ක් තුවාල ලැබු අතර ප්‍රචණ්ඩ ක්‍රියා 37 ක් වාර්තා වුණා. එය පසුගිය වසරට වඩා 13% කින් අඩුවෙලා. නොසැලකිලිමත් ලෙස රතිඤ්ඤා දැල්වීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු රෝහල් ගත කළා.’ යැයි ඇය වැඩිදුරටත් කීවාය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අවුරුදු කන්නෑනෙ ලෙව කනවානේ ඒකයි.