(නිමල් ජයරත්න සහ වසන්ත චන්ද්‍රපාල)
වාලච්චේන නගරයට අද (13) උදෑසන කඩා වැදුණු වන අලියෙකු පහර දීමෙන් කාන්තාවන් දෙනෙකු මිය ගොස් පිරිමි තිදෙනකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
මෙම වන අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ කඩවත පොලිස් පාර ලිපිනේ කඩවත පොලිස් පාර, කොළඹ ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රියානි එලිසබෙත් යන 68 හැවිරිදි මවක සහ සභාපති පාර වාලච්චේන පදිංචි 66 හැවිරිදි අනාමලෙයි වේලුම් මයිලුම් නැමැති කාන්තාවන් දෙදෙනකි.
තුවාල ලැබූ පිරිමි තිදෙනා වාලච්චෙන නගරයේ පදිංචි, අවුරුදු 50-60 ත් අතර වයසේ පසුවන අයවලුන් බවද පොලිසිය කියයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.
වාලච්චේන කලපුවේ සිට මියුසික් ක්‍රීඩාංගනයට පැමිණ මෙම වන අලියා වාලච්චේන නගරයට කඩා වැදී, නගරයේ නතර කර තිබූ යතුරු පැදි සහ ත්‍රීරෝද රථය කිීපයකටද පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
වාලච්ඡේන සහකාර පොලිස් අධිකාරි එම්. එස්. එම්. ජරූල් මහතාගේ උපදෙස් මත වාලච්චේන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අත්අඩංගුවට ගන්න. නඩුව ඉවරවෙනකම් ඇපදෙන්න එපා.
වන අලියා අපේ ජාතික සම්පතක්. මිනිස්සු නම් කොච්චර ඉන්නවද? අලියට හෙම මොකුත් කරනවා නෙවෙයි.