(නිමන්ති රණසිංහ)
කූට ලේඛන සකස් කර, බලපත‍්‍ර රහිතව අලි ඇතුන් සන්තකයේ තබා ගත්තැයි කියන සිද්ධියට අදාළව ලබන 26 වැනිදා විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් කොළඹ මහාධිකරණය චුදිතයින් 7 දෙනෙකුට එරෙහිව සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවලට අදාළව මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් ‘අලි රොෂාන්’, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි, වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි, සමරප්පුලිගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, ශෂික චානුක ගම්ලත් සහ පලියපිටිය ගමගේ ජයලත් යන අය වෙතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිත් හොරකම් කල කාළයක් තිබුණා !
මේ කාරණාව දේශපාලකයින් ගේ අවශ්‍යතාවය මත සිදුවු දෙයක්.