
(දයාරත්න ඇඹෝගම)
වනඅලියන් ගම් වැදිම පාලනය කිරිමට හා විදුලි වැට ආරක්ෂා කිරිමේ අරමුණින් උතුරු මැද අලි තර්ජනය පවතින ගම්මාන රැසක රැපියල් ලක්ෂ 350 කට අධික මුදලක් වැය කොට ඉදිකළ ආරක්ෂක මුරකුටි 81ක් කිසිදු ඵල ප්‍රයෝජනයකට නොගෙන වසරකට අධික කාලයක් තිස්සේ වල්බිහිවි විනාශයට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර ආසන සංවිධායක කේ.විජේවීර මහතා පවසයි.
අලි තර්ජනය පවතින ගම්මානවල පදිංචි කරුවන්ගේ ජීවිත,දේපල, බව භෝග ආරක්ෂාකර ගැනිම හා විදුලිවැට ආරක්ෂා කර ගැනිමේ අරමුණින් මෙම මුරකුටි ඉදිකිරිමේ වැඩ සටහන පසුගිය 2024 වසරේදි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත් විමෙන් ආරම්භ කොට තිබුණි.
මෙම මුරකුටි සදහා වනජීවි නිලධාරින්ගේ අධික්ෂණය යටතේ සිවිල් ආරක්ෂක භටයන් හෝ සිවිල් කමිටු නියෝජිතයන් යෙදවිමට සැළසුම් කර තිබුණි.
වනඅලියන් ගම්වැදිම පාලනය කිරිමට හෝ විදුලිවැට ආරක්ෂා කිරිම සදහා ඉදිකරන ලද මුරකුටි සදහා ආරක්ෂකයන් කිසිවකු වසරකට අධික කාලයක් ගතව ගියත් මේ දක්වා යොදා නොමැති බවත් ගම්වාසිහු පවසති.
මහජන මුදල් රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කළද පෙර මෙන්ම තවදුරටත් වන අලියන් සිය ගම්මානවලට කඩාවැදි ජීවිත හානි සිදුකරමින් තමන්ගේ දේපලත්,භව භෝගත් විනාශ කරන බවත් ඔවුහු චෝදනා කරති.

2025 දෙසැම්බර් මස 04
299
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි පන්නන්න හැදූ කුටි කැලෑවට