
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අලි කලබලයට හේතුව කුඩා ලමයකු පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි.
පැල්මඩුල්ල විහාරයේ රත්නා නැමැති අලියා ඒ අයුරින් පළමුවෙන් කලබලයට පත්ව ඇති අලියා වන අතර එම අලියා බලාගන්නා අශෝක චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ මෙවන් කතාවකි.
මගේ අලියා කතරගම දේවාලයේ කරඬුව වඩම්මන ඇතා ගේ පරිවාර ඇස ලෙස ගමන් කළා . එසේ ගමන් කරණ විට මාලිගාවේ පියගැටපෙළ නැඟ පෙරහර ගමන් මාර්ගයට පැමිණෙනවාත් සමඟම යකඩ වැට අයිනේ සිටි කුඩා දරුවකු අලියාගේ හොඬය ලඟට ලංකොට ශබ්ද නැගෙන නළාවක් පිම්බා එත් සමග අලියා කලබලවී අනෙක් පැත්තට හැරෙන විට කරඬුව වඩම්මන ඇතා ගේ ඇඟේ හැප්පුනා.
එවිට අලියා තවත් බිය වී දුවන්න පටන් ගත්තා . මම වසර 25ක් අලි බලන කෙනෙක් මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි .
නලාවට බිය වූ නිසා අලියා නවතින්නේම නැතුව දුවන්න පටන් ගත්තා . පසුව අලියා පාලනය කොට පැත්තකින් බැඳගත්තා. මේ සිද්ධියෙන් අප කිසිවෙකුටත් තුවාල සිදු වුණේ නෑ . නලා ශබ්දය වැනි දේවලට අලි තරමක් කලබල වෙනවා. සමහර පුද්ගලයන් අලින්ගේ ඇස්වලට ලෙසර් වැනි දේ අල්ලන බවද පැවසූ චන්ද්‍රසේකර මහතා එවැනි දේ නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය .
දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට හිංසා වන ආකාරයේ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසයි. දෙවැනි කුඹල් පෙරහරේ දී සිදු වූ සිදුවීම විශාල සිදුවීමක් නොවන බවත් ඉන් කිසිදු පුද්ගලයකුට අලියකු හෝ ඇතකු පහර දී නොමැති බවත් එසේම කිසිදු ඇතකුට හෝ අලියකුට හිංසාකාරී සිදුවීමක් සිදුවී නොමැති බවද පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හතරබීරි කතාවක්නේ. අපි පොඩිකාලේ නුවර පෙරහැර බලන්න යන්නේ විවිධ නලා ජාති පෙරහැර සල්පිල් වලින් අරගෙන ඒවා පිඹ පිඹයි. මම්මා පප්පා බැලුන් නලා තවමත් මතකයි. පොඩි ළමයින්ගේ සහ නලා වෙළෙන්දන්ගේ නලා සද්දේ මැදිනුයි පෙරහර ගමන් කරන්නේ. හේවිසි වාදනවල ඇති නලා මීටත් වඩා තීව්රයි. ඒත් මේ දක්වා නලා ශබ්දෙට අලි කුලප්පු වෙලා නැහැ. සතුන් උන්ගේ වාසභූමි වලින් ඉවත් කරලා කොට අදින්න දාලා හම්බ කරලා ලස්සනට අන්දවලා බෞද්ධ නාමයෙන් දම්වැල් වලින් ගැට ගහලා අලිමාංචුව දාලා නගර වීදිවල පෙරහැරේ අරිනකොට හේතු රාශියක් නිසා කුලප්පු වීමට ඉඩ තිබේ. මට නම් පෙනුනේ අලියා තරමක් වේගයෙන් විවිධ දිශා වලට ගමන් කලත් කුලප්පු වී තිබුනේ සුදු සරම් කමීස ඇදගෙන සිටි පෙරහර නියාමකවරුන්ට සහ අලියා නිසොල්මන්ව සිටින වි සිටින විට අන්තිමට වේගෙන් පැමිණ අලි මාංචුව දාලාද ඉන්නේ අසපු බඩ තඩි නිලමෙටයි.
ඇයි බං පාඩුවෙ ගෙදෙට්ට වෙලා ඉන්නැතුව අලි දක්කන්න පෙරහැරේ යන්නෙ
මෙවැනි බූරු වැඩ මේ උතුම් අවස්ථාවේ නොකිරීමට ළමයින් බලා ගැනීම දෙමාපියන් ගේ වග කීමක්. එවැනි අණතුරු දායක දේ කරන ඕනෑම කෙනෙකු අල්වා ආරක්ෂක අංශ වෙත බාර දීමට රටට දැයට සංස්කෘතියට ආදරය ඇති සෑම පුර වැසියෙකුගේම වගකීමකි.
අශීලාචාර ලෙස දරුවන් හැදීමේ විපාකය. හැසිරීම නොදත් දෙමාපියන්ට ඒක තේරුම්ගන්න බෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ඕන..... ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම පාලනය කල යුතුයි.
මේවගෙ දෙයක් අපි එහුවමයි. කුඩා ලමයෙක්. නලා පිම්බම . අලි කුලප්පු වීම
පෙරහැරේ නලා කාරයෝ ,හේවිසි කාරයෝ,බෙරකාරයෝ කොච්චර කියලා යනවද? මීට කලින් පෙරහැරවල් වල අලි කුලප්පු උනේ කොහොමද දන්නේ නැහැ ?