(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් .චන්දන , රෝවන් පෙරේරා)
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ පැය 11 කට ආසන්න කාලයක් රදවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලිසියේ ඉල්ලීම මත කසළ බැහැර කිරීමට ඉඩ දී තිබිණි.
කොළඹ සිට පැමිණි කසළ ලොරි තොගය මධ්‍යම රාත්‍රී වන විට අරුවක්කාලු කසළ අංගනය ආසන්නයට ළඟා වී තිබු නමුත් එම ටිපර් රථ කසළ අංගනය වෙත යාම වළක්වමින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු අරුවක්කාලු විරෝධතාකරුවන් පිරිසක් මග හරස් කිරීම නිසා අංගනය වෙත ගමන් කිරීමට නොහැකි වී තිබිණි.
පසුව අද (1) එම ස්ථානයට රැස්වූ විශාල පිරිසක් මෙම ටිපර් රථ කසළ අංගනය වෙත යාම වළක්වාලමින් දැඩි විරෝධයක් මතු කරන්නට වූහ. මේ සමග තත්වය උණුසුම් විමත් සමග නොසන්සුන්කාරි තත්වයක් මතුවිය.
පසුව විරෝධතාකරුවන් ග්‍රහණයේ පැය 11 කට අධික කාලයක් රදවා තිබු කසළ ටිපර් තොගය අංගනයට යාමට නොදී ආපසු හරවා යාමට විරෝධතාකරුවන් කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
පසුව පැය 11 කට වැඩි කාලයක් අරුවක්කාලු විරෝධතාකරුවන්ගේ ග්‍රහණයේ තිබු කසළ පිරවු ටිපර් රථ නැවත කසළ බැහැර කිරීමට අංගනය වෙත ගමන් කරන ආකාරය දැක ගත හැකි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාවේ සභාපති රටේ ජනපතිට, අගමැතිට වඩා බල සම්පන්න කෙනෙක් වගේ. අඩු තරමේ එයාගේ බල ප්‍රදේශයේ කසළ බැහැර කරන්නේ කොහොමද කියලවත් දන්නේ නැති බව සහතිකයි. මෙයාලට ඕනේ වෙලා තියෙන්නේ හැම ටිපර් එකකින්ම ගානක් මාටියා ගහන්න වෙන්න ඕනේ. නැතිනම් ජාතික ප්‍රශ්නයකට මේ වගේ දෙකේ පන්තියේ උත්තර හොයන්න යා යුතු නැහැ.
ජනතාව අසුචි ගොඩවල් ප්‍රතික්ෂේප කරනවා. අකමැතිය. මේවා මුහුදට දමන්න ක්‍රමයක් තියෙනවා. ආරක්ෂිත වැලි බැම්මක් සහ පතුල බැම්ම සම්පුර්ණයෙන් ආවරණය වන ලෙස පොලිතින් වර්ගයක් දමනවා.
ලොරියකින් ගාණක් හම්බ වෙන්නේ නැතුව ඇති.