
(නිමල කොඩිතුවක්කු)
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“රජයේ සේවයේ නොමැති අතිවිශාල ජන කොට්ඨාසයක් අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වී තිපෙනවා. විශ්‍රාම යන විට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ එම මුදලින් නිවාසයක් සාදා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම, දරුවන්ගේ විවාහ කටයුතු සඳහා උපයෝගී කර ගැනීම වැනි පවුලේ කටයුතුයි.
අසරණ සේවකයන්ගේ එකම සම්පත වන අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපගේ අදහසයි. ඇතැම් බලවත් පුද්ගලයින් කොටස් වෙළෙඳපොළ හරහා මෙම අරමුදල පාවිච්චි කළ බොහෝ අවස්ථා අපි දැක්කා.
මෙම අසරණ ජනතාවගේ මුදලින් කෝටිපතියන් බිහි වූ අවස්ථා බොහෝ යි. එම පනතින් “අර්ථසාධක අරමුදල” ඉවත් කරන ලෙස අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිමු. වහාම ඉවත් කරන ලෙස දන්වා සිටිමු කියන්න.
වයස 55 හෝ 60 පසුවී පුද්ගලික අංශයේ සේවයෙන් ඉවත්වෙන්නේ සතියකට දින හයක් සේවයේ යෙදීමෙන් පසුවයි. ඉතින් සමහර අයට රැකියා කාලයේ නිවසක් ඉදිකිරීමට නොහැකි වෙනවා. දුවා දරුවන්ට ඉගැන්වීමට දීගතල දීමට තියෙන්නේ මේ මුදල් පමණි. ඒකත් අහිමි වුණොත් වෙන්නේ රටට සේවයක් කරලා ඉවත් වුණාට පස්සේ ජීවත්වීමට මහපාරේ හිඟාකන්නයි. මෙම කරන්න හදන අසාධාරණ ක්‍රියාවලිය වහා නවතන්න..
මහත්තයෝ, ඔබ වැදගත් දේශපාලඥයෙක් නේද? මහා බංකු කොල්ලයේදී අර්ථසාධක අරමුදලේ සල්ලි කොම්පැනි කාරයෙකුට අඩු පොලියට දීලා ඒ කොම්පැනි කාරයා කාරය නැවත ඒ සල්ලි රජයට වැඩි පොලියට දීලා ලාභය කොම්පැනි කාරයා සල්ලි හම්බ කරනකොට මීක් කිව්වේ නැහැ නේද? අර්ථ සාධක මුදල ආයෝජන කර උපයන මුදලට බදුගසා සල්ලි උපයන්නේ රටේ අවශ්‍යතාවයන්ට මිස බැංකු කොල්ලයේ වගේ පෞද්ගලිකව බෙදාගන්න නොවෙයි. එසේ කිරීමෙන් කාටවත් අලාබයක්, පාඩුවක් සිදුවන්නේ නැත. මෙතැන ලියන සමහර ගොබ්බයින් ලියන්නන් වාලේ ලියනවා මිසක් සිදුවෙන්නේ මොකක්ද කියා දැනගෙන ලියනවා නොවෙයි. අර්ථසාදක මුදල ආයෝජන කර උපයන මුදල නැවත අර්ථසාදක මුදල් සංචිතයට එකතු වෙනවා මිස සේවකයින්ගේ දීමනාවලට එකතුවෙන්නේ නැත. සේවකයෙක් විශ්‍රාම යනවිට ඔහුට ලැබිය යුතු නියමිත මුදල ඔහුට ලැබෙනවා...