
(ෂේන් සෙනෙවිරත්න)
රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.
මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.
ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා. එහිදී ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත් එසේම ඒ යන රටවල්වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා. අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අතීතය වැඩක් නෑ. දැන්වත් නියම විදිහට වැඩකරන්න. අපි අගය කරනවා රටේ ජනතාව හැටියට, පුළුවන් නම් ඔය 7 දෙනාට නීතියෙන් දඬුවම් දීලා ගෙදර යවන්න.
විනෝද චාරිකාවක්....?
අර්ජුන මහත්තයා, ගොඩක් හොඳයි නේද ඔය වැඩේ ගෙදරින්ම පටන් ගත්තා නම්...! නිශාන්ත මල්ලිගේ කාලේ ක්‍රිකට් ආයතනයේ ගොඩාක් දේවල් වුණා... අර ඇමැති මල්ලි හොරකමට හිරේ ගිහින් ඇප පිට ඉන්නේ... ඛනිජ තෙල් සංස්ථාව ඇතුළේ සේවකයෙක්ට වෙඩි තියලාත් මැරුණා...
වැඩේ නම් සුපිරියි අර්ජුන මහත්තයෝ. හැබැයි ඕවා කිව්වාට වැඩක් නැහැ. ඔය කාබාසිනියා රාලලා සෙට් එකේ නම් එළියට දාන්න මිනිස්සුන්ට දැනගන්න. අපි හිතාගෙන ඉන්නේ සුපිරි වංචාකාරයින් ඉන්නේ 225 ඇතුලේ විතරයි කියලානේ... අනිවාර්යයෙන් ඔය මිනිස්සු ක්‍රිකට් බෝඩ් එකෙන් එලෙව්වොත් අන්න පුතා තමයි හපනා...
ඊටත් වඩා කෝටි ගණනක් වැයකොට ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් හිමි තවත් 11 දෙනෙක් නිකන් පුහුරට සංචාරයක නිරතවෙන බව ඊයේ අපිට දැනගන්න ලැබුණා... කරුණාකරලා රටේ සල්ලි තවත් නාස්ති කරන්නේ නැතිව ඒ අයවත් ආපහු ගෙන්වන්න.!
අර්ජුන, අපේ ක්‍රිකට් නැවත හදලා දෙන්න. ඔය බුකීකාරයින්ට සහ ඔවුන්ගේ ගෝලයින්ට රටේ ක්‍රීඩාලෝලීන්ගෙන් 90% ක් විරුද්ධය.. නැවත ජනතා අරගලයක් ඇති වුණොත් මුලින්ම ගහලා එළවන්න ඕනේ බුකී කාරයන්ව...
එළකිරි...
සිස්ටම් එකක් හදන්න. එය අර්ජුන නෙමෙයි කවුරු ආවත් වෙනස් නොවන විදියට. අපි බලාපොරොත්තු වන "සිස්ටම් චේන්ජ්" එක... ඒකයි...
වැඩ පෙන්වන්න හැදුවාට මෙයාලාගේ පවුලේ හැමෝගේම කෙරුවාවල් රටම දන්නවා...
ඕක වැඩපෙන්නිල්ලක්ද? වියදම් අඩුකරන එක හොඳයි... යහපාලනේ කාලේ ඛනිජතෙල් ඇමැති වෙලා ඉන්නකොට වැඩපෙන්නුවද? කෝටි ගණන් පාඩු ඇයි?
මම නම් අර්ජුනගෙ දේශපලනෙ දන්නෙ නැහ..මට වැඩකුත් නැහ..එත්...ඇර්ජුනට විතරයි....ලෝක කුසලනෙ ලංකාවට අරන් දෙන්න පුලුවන් උනෙ..එක හරියට මහින්ද...LTTE එක පරාද කලා වගේ. ඇර්ජුන මහත්තයට සුභ පතනව...හොද ගමනක් යන්න හකිවෙවා.
අර්ජුන රණතුංග කියන්නේ අපේ හොඳම ක්‍රිකට් නායකයෙක් ඔහු මේ කරන්න හදන්නේ දුෂණය අවම කරන්න පුළුවන් , එයට ගරු කළ යුතුය, නමුත් මේ නිලධාරීන් ඩුබායි යන්නේ විනෝද චාරිකාවක් යන්න , ඇත්තක් ද කියලා දැනගන්න කැමතියි, මොකද ආසියානු කුසලානය තියෙන අවස්ථාව.. නිලධාරීන් 6ක් 7ක් කියන්නේ ඉතා කුඩා පිරිසක්... මොනවා වුනත් දෙපැත්තේම කියන දේ බලලා කවුරු හරි ද කියලා දැනගන්න ඕන... හරි දේ කරන්න ඕන, ඒක හරියට ම කරන්න ඕන
දැනුයි නිස්සංක නිසි තැනට ඇවිත් තිබෙන්නේ. රජයේ අනික් අයත් නිසි තැනට ගමු.
ගොඩක් හොඳ පටන් ගැන්මක්...!
හරි දේ කරන්න බයවෙන්න එපා..! දූෂණය නතර කරන්න. ගෙදරින් පටන් ගන්න...!
මේවා කරන්න ගියහම ප්‍රශ්න එන බව ඇත්ත. ඒත් ඒ ප්‍රශ්න කඩා බිඳගෙන ඉදිරියට ගියොත් තමා ඔය ඉල්ලපු “සිස්ටම් චේන්ජ්“ කරන්න පුළුවන් වෙන්නෙ. නැතිනම් ඉතින් ඉදිරියටත් මඟම තමා.
මොනවහරි කියව කියව කාලය කා දමමින් ජනතාවගෙ මුදල්වලින් ස්කුබිඩුබී ජීවිත ගතකරන හොරු රැලක්! ගහල එලවපියව්!
චීත්ත කතා කියන්නෙපා,, අර්ජුන කියන්නේ රටක් දිනවපු නියම මහත්මයෙක් . දැන් මේ රටට ඕනේ මෙහෙම අය
සාමාන්‍යෙයන් හැම කොස්සක්ම අලුත් පිට හොඳට අතුගෑවෙනවනේ...!
හරියටම හරි අර්ජුන රණතුංග මහත්තයා.මොන බාධක ආවත් නිවැරදි දේ කරන්න.ඔබතුමාට බොහෝම ස්තූතියි.
ඔය ෆොටෝ එනේ ඉන්න දෙන්නම එක ජාතියෙ බඩු ! ඔහෙ කියව කියව ඉන්නවා .
මේ වගේ හොඳ දේවල් කරන පාලකයින් තමයි ජනතාව ඉල්ලන්නේ.. මේවට බාධක එනවා. ඒත් නොසැලී ඉදිරියට යන්න ඔබතුමාට ශක්තිය තියෙනවා. අර්ජුන කියන්නේ ඍජු පුද්ගලයෙක්. අනිත් මැති ඇමැතිලත් මෙහෙම කෙරුවා නම් මුලඉඳන් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැනේ. මතකද අපේ හිටපු ක්‍රීඩා ඇමැති මාලදිවයිනට ගිහින් විනෝදවෙලා ඇවිත් කීවේ ක්රීඩාඇමැතිට ක්‍රීඩා කරන්න බැරිද කියලා...? පුළුවන් තමන්ගේ මුදල්වලින්. එහෙම කට්ටිය හිටියේ අපේ රටේ...!