(මනෝප්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පුරූවට ලේඛණ යෑවු බව පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය සිංගප්පූරූ නීතීපතිවරයා එම ලේඛණ සළකා බලමින් සිටින බව ද අද දැනුම් දුන්නාය.
2015 පෙබරවාරි 27 වැනි දා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඔහුගේ නම අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර් ලෙස මේ වන විට වෙනස් කරගෙන ඇති බව ජාත්‍යයන්තර පොලිසිය විිසින් ශ‍්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබිණි.
එසේම මැලේසියාවේ සැඟව සිටින බව කියන මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු වු අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාරදීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සාමාන්‍ය දේවල්.. පර්සි මහේන්ද්‍ර මහින්ද වුණේ...
ඕක මොකක්ද? යහපාලකයින් හිටියා නම් අපිත් මේ වෙනකොට මොහොම්මඩ්ලා වෙලා...
බයියන් පිනවන නිවුස්... ළඟදී ඡන්දයක් එනවා. සර්ව පාස් කරමු.