(අංජුල මහික වීරරත්න)
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව" වැඩසටහනේ තරුණ, තරුණියන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, අරගලයෙන් දේශපාලන බලය තහවුරු කරගත්තේ ඔයා. ඒක නිසා කරුණාකරලා මහත්තයෙක් වගේ ගෙදර යන්න. මර්ධනය කොච්චර කාලයක් කරන්නද? සර්, මිනිස්ු වන අපි අසරණ නමුත් ස්වභාව ධර්මය නැත්නම් කර්මය එහෙමත් නැතිනම් දෙවියන් වහයෙන්සේ මැරෙන්න දවසක් හරි තියලා සර් කරන පවු වලට දරුඩුවම් දෙනවා දෙනාවමයි.
රටේ ඉදිරි ගමනට ඔහේ ඔතනින් මක බෑවෙල යන්න.
රට විනාශයට ඇද දැමූ පාලකයින් පාපොච්ඡාරණය කළ යුතු නැද්ද?
ජනතාව අරගල කරේ රට බංකොලොත් කරපු අය පන්නන්න. ඔහේව ජනාධිපති කරපු හොරු ටික රකින්න නෙමේ. ඒ නිසා ඔහේ පාපොච්චාරණයක් කරලා ඉවත් වෙන්න.
රනිල් රාජපක්ෂට දැන්නම් හොඳටම මොලේ කචල් වගේ.
1977 සිට පුරා අවුරුදු 45ක් ජනාධිපති, අගමැති, ඇමති, විපක්ෂ නායක ඇතුළු සියළු තනතුරුත් දරලා රට ගොඩදාන්න බැරි මිනිහා... තවද පහුගිය මහ මැතිවරණයේදී ජනතාව අතුගාලා දාපු මිනිහා, 2048 දී සංවර්ධිත රටක් බවට පත් කරාවිද? ඒ වනතුරු ජීවතුන් අතර ඉඳීවිද? කරපු එකම දේ හොරුන් ආරක්ෂා කළ එක පමණයි...!
සාමකාමී අරගලය ප්‍රචණ්ඩ වුණේ කොතැනින්ද කියලා හොයන්න බලන්න බැරිද?
මෙන්න අපගේ පාපෝච්ඡාරණය... රැකියා නැහැ, කන්න බොන්න අඳින්න නැහැ..., දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, සෞඛ්‍ය පහසුකම් නැහැ. ගමනාගමන, ප්‍රවාහන, විදුලිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ...
සර් ඔය කට තිබුණු පලියට බොරු දෙසාබාන්න එපා. ඔයාලගේ බොරුවලට ජනතාව නැවත රැවටෙන්නේ නැහැ. ඔයාලගේ රැස්වීම්වලට විවිධ දේ පිරිනමමින් ගෙන්න ගන්න ජනතාව සියල්ල අරගෙන තමයි කොස්ස, ඉදල තියාගෙන ඉන්නේ ඡන්දෙ ඉල්ලන් එනකන්...!
අරගලය නොතිබෙන්න තමන් ඔතන නැති බව අමතකද?
අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු වුණේ රනිල්. පොලිසියෙන් හා හමුදාවෙන් මහජනතාවගෙන් ලගඳීම මේවට පිළිතුරු ලැබේවි.
2048ට තව අවුරුදු 26 ක් තියෙනවා. ඒ වෙනකම් ඉන්න කල්පනාව . අපේ ගෙදරත් බල්ලෙක් ඉන්නව ලොම් හැලිලා කෙලින් යැන්න බැ හැබැයි හරි හයියෙන් බුරනව.
48 දී දියුණු වෙන්න නම් මේ වෙද්දී සැලසුමක් තිබිය යුතුයි. අන්න ඒ සැලසුම මොකද්ද කියන්න.. හෙවත් ...ඔබේ, 2048 සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න
මෙයා 2020 සංවර්දිත රටක් කරමු කියල ඉස්සර කිව්ව. ඊට ඉස්සරත් කිව්ව. ඒ සංවර්ධනේ එන එකක් නෙවෙයි ඒ නිසා ඔයා යන්නකෝ මුලින්.
අනේ පලයන් බං යන්න
අවුරුදු 26 ක් බලාගෙන ඉන්ඩ වෙනවා මෙයා කියන විදියට සංවර්ධනේට යන්ඩ.ඒ වෙනකොට දූෂිත දේසපාලුවෝ ඔක්කොම වලපල්ලට ගිහින්? ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම කියලා බලයට ආපු අයත් කරපු ලෝකෙම දන්නවා .