(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි.
නාත්තන්ඩිය මයිලව දුටුගැමුනු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පෙරලාදැමීම සඳහා ක්‍රියාත්මක ගෝල්පේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ගෝල්ෆේස් අරගලයේ පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා මොහු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා වූයේ මොහු බවට තොරතුරු අනාවරණය වූ බවත් වාර්තා වේ
මුල්ලේරියාවේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර දිවිහානි කර ගෙන ඇති බවට පොලිස් හදිසි ඇතැමුම් ඒකකයට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේදී ඇඳ මත උඩු බැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයේ පසු කාලීනව හිටිය වැඩි දෙනෙක් විවිධ මානසික රෝගීන්. ඒකයි ඇත්ත.
තමන් අනුන්ගෙ රෑකඩයක් වූ බව වැටහීම නිසා ඇති වූ ඉච්ඡාභංගත්වය මෙම ඛේදනීය තත්ත්වයට හේතු වී ඇති බව පැහැදලියි.
සිය දිවි හානි කරගෙනද ඝාතනයක්ද කියලා දැන්ම හරියටම කියන්නේ කොහොමද ?
ඇඳ මත උඩු බැලි අතට වැටී මිය යන්නේ කොහොමද? මරණයට හේතුව මොකද්ද?
මේවට ප්‍රතිචාර දක්වන්නත් බයයි. හෙට අපේ සිරුර කොහෙන් හම්බවෙයිද දන්නෑ...
හ්ම්ම්... රනිල් මහින්ද දඩයම් පටන් අරන් වගේ