
(ඩයනා උදයංගනී)
නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගන්නා බව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගාලුමුවදොර අරගලකරුවන් කණ්ඩායමක් ඊයේ (18) එම පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම ඉල්ලීම කර ඇත.
එහිදී අරගලකරුවන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළ බව එම පක්ෂය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ඉල්ලීමක්, ජයග්‍රහණයට වඩා තේරීමේ ඡන්දයට තරඟ කර ඡන්දය ප්‍රකාශ කළොත් පමණයි ශ්‍රීලංනිප අපේ අනාගත පරපුරට රැකදෙන්න පුළුවන්. එම නිසා අපේක්ෂකයන් සිව්දෙනාම තරඟ කිරිම මේ රටේ ජනතාවගේ අපේක්ෂාවයි. කවුරු දිනුවත් රට ගොඩගන්න තව අවුරුදු 2ක් වත් යනවා...
අරගලකරුවන් මොනවද දන්නේ නෑ ඉල්ලුවේ...?
බිත්තර ආප්පයක් දුන්නා නම් ඉවරයි.