(රංජන් කස්තුරි)
අයවැයෙන් වැඩ ලක්‍ෂයක් නැමැති දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන අද (3) පෙරවරු 8.52 කට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
මුළු රටම නියෝජනය වන පරිදි ගම් 36,000 කට එම යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.
එක ගමකට ලක්‍ෂ 30 ක පමණ මුදලක් ලැබෙන අතර ගමේ ජනතාවගේ අවශ්‍යතා මත විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.
මේ සඳහා අයවැයෙන් රුපියල් කෝටි 8500 ක් වෙන්කර තිබෙන බව ද මුදල් ඇමතිවරයා කීය.
ජීවනෝපාය නංගවාලීම, යටිතල පහසුකම් සංවර්ධන සහ පරිසර හා සාමජ සංරක්‍ෂණය ඔස්සේ ගම් මට්ටමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.
මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල ‘හෝම්ෂොප්’ නැමැති වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් කෝටි 1500 ක් වෙන්කර තිබෙන බව ද ඔහු කීය.
2022 වසර තුළ රට පුරා ක්‍රියාත්මක කරන මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයකිරීමට අපේක්‍ෂිත මුළු මුදල රුපියල් කෝටි 10,000 ක් බව ද මුදල් ඇමකතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ ලක්ෂයයි... හොර බොරු කෝටියයි..