
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන්ද සහන පැකේජයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.
තවද බදු ගෙවීම් අඛණ්ඩවම පැහැර හැර සිටින අය බදු දැලට කොටු කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා රේගුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලබන වසරේ ආදායම් ඉලක්ක ඉහළ දමා ගැනීමට අවශ්‍ය යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කෙරෙන බව දැනගන්නට ඇත.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව, විදේශ විනිමය මෙරටට ගලා එම වර්ධනය කර ගැනීම සඳහා සෘජු විදේශ ආයෝජන සහ අපනයන ඉහළ නංවා ගැනීම සඳහාවූ යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
වාහන සඳහා දැනට පනවා ඇති බදු සංශෝධනය නොකර ඉදිරි වර්ෂය සඳහාද ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කරයි.
පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙන හෙයින් එම මැතිවරණය ඉලක්ක කර ජනතාවට තවත් විශේෂ සහන රැසක්ද මෙවර අය වැය ලේඛනයට ඇතුළත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැයෙන් සහන දුන්නා යයි කිව්වාට වැඩක් නැහැ. ඒවා ජනතාවට නොලැබෙනවා නම්, ඒ වගේ පෙට්‍රල් මිල රුපියල් හතරකින්, පහකින් අඩු කරනවා වගේ ජෝක් නම් ඕනෑම නැහැ...
කුඩු, අයිස් පැකේජ නැද්ද? කන්ටේනර් 323 කින් ගෙනැල්ලා බාපු එකේ ඒවත් අඩු මුදලට බෙදාහරින්න පුළුවන්...
හැම ආණ්ඩුවම පොඩි මිනිහට සහනාධාර දෙනව.ඒත් කවදාවත්ම පොඩි මිනිහ ගොඩ ඇවිත් ලොකු මිනිහෙක් වෙලා නෑ නේද? ආධාර බලාගෙන ජීවත්වන හිඟන මානසිකත්වය නැති වෙන තෙක් ඔය තත්ත්වය වෙනස්වීම බොරු. සහන නොව ජීවත්වන ක්‍රමය වෙනස් කරන ක්‍රමවේදය උගන්වන්න ඕන.
නියම සහන පැකේජය ලැබෙන්නේ මන්ත්රීලාට. ඕක තේරෙන්න කල්පනා ශක්තිය ඕනෑ. වාහන පර්මිට් එක දුන්නේ නැහැ කිව්වාට මන්ත්රීලාට අතෙන් සතයක් වියදන් නොකර වාහනයක් ලැබෙන පිළිවෙලක් කියලා තේරෙන්න ගන්නේ එතකොට...