IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයවැයෙන් අමාත්‍යාංශවලට මුදල් වෙන් වන්නේ මෙහෙමයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ.

මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය  ඉක්මවයි. වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන්  කෙරෙන මුදලරුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇත.

ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහක් වෙයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක  අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි  හතළිස් එක් දහසක් ද වෙන් කෙරේ.

එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න ය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය  හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද  වෙන් කර ඇත.

රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි  තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.



අදහස් (1)

අයවැයෙන් අමාත්‍යාංශවලට මුදල් වෙන් වන්නේ මෙහෙමයි

ගොවිරාළ Tuesday, 18 October 2022 09:13 AM

සුව සේවා වෙනුවෙන් කෝටි 32 යි කෘෂිකර්ම සදහා කෝටි 11 යි අධ්‍යාපනය සදහා 23 යි මෙහෙම කිරීම සාධාරණ වෙනවාද සාගතයක් එනවා කියමින් කෘෂිකර්මය සදහා අඩුම මුදලක් වෙන්කිරීම ප්‍රමාණවත් නැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site