(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි ඉටු නොකළොත් ආණ්ඩුවේ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
ස්වාධිරාජා මහතා මේ බව පැවැසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කැඳවීමේ විවාදයේදීය.
මුදල් ඇමැතිවරයා ඉකුත් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (12) අවසන් වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා (13) ආරම්භ වන අතර ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දේසි මොනවාද කියා ජනතාව දැනගත යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මත මේ කොන්දේසි ජනතාවට දැනගැනීමට නොහැකිද?
රටින් කෑල්ලක් ඉල්ලනවාද? ජනතාව දැනගත යුතුයි.
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ ආණ්ඩුව අදටත් තියෙන්නේ ඔය මිනිස්සුන්ගේ කොන්දෙසිවලට යටත්වනේ.
බැඳගත්තා නම් දැන් බෙරය ගහන එකයි ඇත්තේ
කෝ මේ කතානායකතුමා, ඔය හඬ අනුව බහුතරය ගන්න බැරිද? මොකද කොන්දේසි වලට යටත් වන්නේ?
ඔන්න ඉතින් සුමන්තිරන් ආයෙත් සුක්කානම අතට ගන්න සැරසෙනවා.
මේකෙන්ම පැහැදීලියි උතුරේ දේශපාලකයන්ට මොකක්ද අවශ්‍ය කියලා.
අපිට හිතාගන්න පුළුවන් මොනවද කොන්දේසි කියල
ලංකාවේ දේශපාලනය ස්ථාවර වෙනවනම් ඒක වෙන්නේ මේ රටේ තියන ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ ඉතිරි වී. ආගම් පදනමින්,වාර්ගික පදනමින් පළාත් පදනමින් ඇති දේශපාලන පක්ෂ දියවී යන ආකරයට ඡන්ද ක්‍රමය සකස් කල යුතුය. මොන ආණ්ඩුවක් බලයට පත් වුනත් අස්ථාවර වෙන්නේ මේ පක්ෂ නිසා. ඔවුන්ගේ ප්රණ ඇපයට නතු වෙනවා. එපමණක් නොව තම බලය උදෙසා ඔවුන් ජාතිවාදය වපුරනවා. අගමික, වර්ගික, පලාත් පදනමින් දේශපාලන පක්ෂ බිහි කිරීමට ඉඩ ලබාදීම ලංකාව කරපු ඓතිහාසික වරදක්
මේකෙන්ම පැහැදීලියි උතුරේ දේශපාලකයන්ට මොකක්ද අවශ්‍ය කියලා.