(සුජිත් හේවාජුලිගේ )
අයවැය මගින් ඉදිරිපත් කෙරුණු නව යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ඇතුළු අනෙකුත් කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග මුදල් අමාත්‍යවරයා පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම අද ආරම්භ කළේය.
මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු රාජ්‍ය අංශයේ විශ්‍රාම විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සහ ජනාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ලබාගෙන කාල සීමාව දීර්ඝ කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද මේ යටතේ සාකච්ඡා කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද රෑ ඉස්කෝලෙකටවත් ගිහින් සිංහල කියවන්න ඉගෙන ගත්තොත්?
අයවැයට පණ දෙන්න කලින්, අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැතිට පණ දෙන්න. අයවැය කියනකොට දැක්කා... බෙහෙත් බොනවා, සභාව කල් දානවා. ඉතින් කොහොමද රට හදන්නේ...?
ශාක්‍යන් මන්ත්‍රීතුමාට බාරදෙමු සිංහල උගන්වන්න...
ඔක්කෝටම කලින් උක්කුන්ට කිරි පොවලා පණ දෙන්න වෙයි වගේ. හරියට කොළේ බලාගෙනවත් කියවගන්න බැරුව ඉන්නේ. මොළ හතක්ලු...
මොල හතා...!