
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපති ඉදිරිපත් කළ අය වැය "නාගරාජ ඇන්දවීමක්"බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පවුල් 61000කට මසකට රුපියල් 10000 බැගින් ලබා දෙන බවට තිබූ අයවැය යෝජනාව ඉතා හොඳ නමුත් එයින් සහන ලැබෙන්නේ 1.07ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකට බවත් රටේ ජනගහනයෙන් දසලක්ෂ ගණනාවක් දැඩි පීඩාවකට පත්ව සිටින බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ සහ යුනිසෙෆ් සංවිධානයේ සමීක්ෂණ වාර්තා පවසන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පවුල් 10 කින් හතක් හෙවත් සියයට හැත්තෑවක් කෑම ගන්නේ දෙවේලක් පමණක් බව ද විපක්ෂ නායකවරයා කීය.
ගැබිනි මව්වරුන්ට 20000ක දීමනාවට අමතරව 2500ක් දෙන බව කියූ නමුත් අද 20,000 ක දීමනාවක් ලබා දෙන්නේ නැතැයි ද නොදෙන දීමනාවකට 2500ක් එකතු කරන්නේ කෙසේදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
දත්ත හරියට නොදැන ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නේ කොහොමදැයි විපක්ෂ නායකවරයා විමසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළ කඩපු "නාග රජා"ගේ කතාව කොහොමද....!
මෙයාගේ බහුබූත කතා අහලා ඇතිවෙලා තිබෙන්නේ