
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය ලේඛනයක් කියන්නේ කුමක්දැයි විපක්ෂයට මුල සිට උගන්වන්නට සිදුවීම කණගාටුවට කරුණක් බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අයවැය ලේඛනයක් කියන්නේ මොකක්ද කියා මේ පාර්ලිමේන්තුවට නැවත මතක් කර දීමට සිදුවීම ගැන කණගාටු වෙනවා .අයවැය යෝජනාවල තිබුණු යම් කරුණු කීපයක් ගැන විපක්ෂ නායකතුමා ගෙන හැර දැක්වූවා.අප පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් ඉදිරිපත් කර ඊට පසුව මුදල් ඇමති අයවැය කතාවක් කරනවා.අයවැය ලේඛනය කියන්නේ රජයේ ඉදිරි ගමන් මග සැලසුම් පිළිබඳව ප්‍රක්ෂේපණයක්.2025 අයවැය ලේඛනයේ කරුණු ඉටුකර නැතැයි චෝදනා කළා. කොහෙන්දෝ මුල් මාස හයේ වාර්තාවක් උපුටා දක්වමින් මේ චෝදනාව කළා. අපට තව මාස තුනක් තියෙනවා. සමහර අමාත්‍යාංශ සීයට 70 ඉක්මවා වියදම් කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොසොල් රජතුමා දැක්කා කියපු සිහින මතක්වුනා
කොහොමත් ඉතින් ඔබතුමාලගෙ කට්ටිය ඉගැන්වීම සහ ඇන්දවීම සම්බන්ධයෙන් පෘතුල හැකියාවක් සහිත පිරිසක්නෙ.මතකද ආරක්ශාව ගැන බන්කු අරගෙන ටියුෂන් දෙන්නම් කීවෙත් ඔහේලගෙම කෙනෙක්නෙ.හැබැයි වෙඩිතැබීම් නිසා මිනිස්සු මැරෙනව.ආර්තිකයට ගැනත් ඔබතුමාල එක්ස්ප්ට්ලනෙ.හැබැයි අද වෙනකම් බඩු මිල අඩුකරගන්න බෑ.අල ලූනුගොවියො උද්ගෝසනවල.වට්ට්ක්ක ගොවියන්ට කිලෝව රු.30ට දීගන්න බෑ.ඒත් අපි ගන්න ගියාම 500 රු.70' ,80.ආර්තික කලමනාකාරිත්වය අතිවිසිස්ටයි
බැංකුවක් අරන් එන්නද? තැන කියන්න පුළුවන්ද?
කයිය නායක බලකාය...
විපක්ෂයට කලින් ඔහෙලාගේ නායකයාට ටියුෂන් දෙන්න, මිනිහා හිතාගෙන ඉන්නේ ඇඹරි ඇඹරි බොරු කිව්වාම රටේ ආර්ථිකය ඉබේටම හැදෙයි කියලා වෙන්න ඇති.