මාධ්‍යවේදීන් ඝාතනය නැවැත්වීම, අමු අමුවේ මිනී මරණ එක නැවැත්වීම රට පාවාදීමක්දැයි තමා ප්‍රශ්න කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
තම ආණ්ඩුව සිදු කළ දේවල්වලින් යුරෝපා සංගමයට වාසියන් අත් නොවූ බවත් වාසියක් අත්වූයේ රටේ ජනතාවට බවත් සමරවීර මහතා කීවේය.
මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමිනි.
‘‘සිංහල සහ මුස්ලිම් ජනතාවගේ සමගිය ගැන කතා කිරීම රට පාවාදීමක්ද? ජීඑස්පී ප්ලස් නැතිවුණු එක අපි සාකච්ඡා කරලා යළි ගත්තේ රටට සංහිඳියාව සහ සංවර්ධනය ඇති කරලා. අපි කරපු දේවල්වලින් යුරෝපා සංගමයේ කාටවත් වාසියක් වෙලා නෑ. වාසියක් වුණේ අපේ ජනතාවට. 2015 අපි එන විට මත්ස්‍ය තහනමක් තිබුණා. එය අපි සාකච්ඡා කරලා යළි ලබා ගත් නිසාම මත්ස්‍ය අපනයනය සියයට එකසිය ගණනකින් වැඩි වුණා‘‘
‘‘වාහන මිල ඉහළ යෑම ගැන විවිධ ආකාරයේ විග්‍රහ තිබුණා. පොඩි වාහන පසුගිය සමයේ සුනාමියක් වගේ ලංකාවට ආවා. රථවාහන තදබදය වැඩි වුණා. අපේ මුදල් විදේශයන්ට ඇදී ගියා. සංඛ්‍යාලේඛන අනුව වැඩිම රථවාහන ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අපේ ආණ්ඩු කාලයේ. ඒ නිසා රුපියලටත් යම් බලපෑමක් ආවා. ඒ නිසා සියයට 200ක මිල සීමාවක් දමන්න සිද්ධ වුණා. පසුගිය සිකුරාදා සිට යළි වතාවක් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. රුපියල් පහළ වැටීමේ ප්‍රවණතාව වලක්වා ගැනීමට වාහන බලපත්‍ර සම්බන්ධයෙනුත් යම් තහංචියක් දැම්මා. ඒ නිසා එය සලකා බලන්නත් සූදානම්. දැන් රුපියල ස්ථාවර වෙලා විතරක් නෙමෙයි වටිනාකම වැඩි වෙමිනුත් යනවා. මැයි මාසයේ පළමු වැනිදා සිට එම තහංචිය ඉවත් කරනවා. ‘‘
‘‘රජයේ සේවකයන්ගේ වැටුල් වැඩිකිරීම ගැන කොච්චර කතා කළත් මදි. රජයේ සේවකයන්ගේ පඩිය සියයට 107කින් වැඩි කළ වෙනත් යුගයක් තිබෙනවා නම් කියන්න. ඒ වැඩි කරලත් තවත් 2500ක දීමනාවක් දීලයි තියෙන්නේ. ගුරුවරයකුගේ වැටුප 16000 සිට 29000ක වෙනකං අවුරුදු තුනක් ඇතුළත වැඩි වුණා.‘‘
‘‘සමහරු කියන්න ගත්තා මෙවර හමුදාවට දීමනා වැඩි කළාට පොලිසියට මුකුත් දීලා නැහැනේ. පොලිසියේ අයගේ වැටුප් මීට අවසර දෙකකට කලින් සියයට 40කින් වැඩි කළා. ඒ වැඩි කළෙත් අපිමයි. 2016දි පොලිසියෙ සංයුක්ත දීමනාව වැඩි කළා.‘‘
අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මංගල සමරවීර මහතාගේ කතාවෙන් පසු පැවැත්වීමට නියමිතය.
අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර ඇරැඹිණි.
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත විය.
අය වැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 76ක් පමණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කීවට ජනතාවට ඒ පණිවිඩය ගිහින් නැති එකනේ අවුල. කොයි වෙලේ බැලුවත් හැම මාධ්‍යකම තියෙන්නේ බැඳුම්කර වංචාවයි, රණවිරු දඩයමයි, රට බෙදන එකයි ගැන විතරනේ. අනිත් අයගේ දේවල් නම් නැගලා යනවා.ඉතින් කොහොමද චන්දයක් දිනන්නේ?
බදු සියයට 300 කින් වැඩි කලා
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරයි කියලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු අය වැයට ඡන්දය දීමෙන් වැලකී සිටියා
පාර්ලිමේන්තුවේදී ඡන්දයෙන් අයවැය පරදවලා මහ මැතිවරණයක් ලබාගන්නවා කියලා මේ ඊයේ පෙරේදා පොහොට්ටු ලොක්කා ගහපු කයිවාරුව වැරදුනා නේද? දැන් මොකද කියන්නේ? ආයේ කුමන්ත්‍රණයක් කරනවද?
ඒ කියන්නේ මහින්දට ආණ්ඩුව පරද්දන්න බැහැ කියන එකම නේද?
අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර වල දෝෂයක් ඇති වීම නිසා ඒ තිදෙනාට අත් ඔසවා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන් බවත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂයේ 15 දෙනෙකු පමණ ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කර තිබියදී නැවත වතාවක් අත ඔසවාත් ඡන්දය දෙමින් දෙවරක් ඡන්දය භාවිතා කිරීමට උත්සාහ කළද කතානායකවරයාගේ කාර්ය මණ්ඩලය ඊට ඉඩ දුන්නේ නැති බවත් මේ සම්බන්ධ වාර්තාවක් පලවී තිබෙනු දුටුවා.
මෝඩ තර්ක දැමීම කලාවක් නම් රොකි එහි පිකාසෝ වෙයි කියලා තමා කියන්න තියෙන්නෙ
නැ රොකි, එහෙම කරන්නේ නැහැ. ඔය යන විදියටම තව ටිකක් බදු ගහලා, ලංකාවේ නිෂ්පාදනවලට තවත් බදු ගහලා, පිටරටින් ගේන පිටිකිරි වගේ ඒවාට පුලුවන්නම් සහන දීලා රටේ තව කෑල්ලක් විකුණලා එකෙන් කොමිස් ගහලා ගන්න ණය ගෙවන්න ඔය වගේ ලංකාවේ ඉන්න අයටත් පිට රට ඉදලා ලංකාවට සල්ලි එවන අයටත් දීලා මරුටියක්වත් ගන්න බැරුව වැස්සේ තෙමි තෙමි ගිහින් , vat ,GST ,Income tax ඔය ඔක්කොම ගෙවලා. අපි එයාල දිහා බලන් ඉමු. ඊලග ඡන්දෙතිත් පුළුවන් නම් අනෙත් හොරු ටික පත්කරමු හොදේ. ලංකාවේ ඉන්න ඔයාලට ඔය යන විදිය හොදනම් ඔහොමම යන්න..
බලාගෙන ගියාම රතු අලි විතරයි විරුද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුවට කඩේ යන්නේ කවුද කියලා ජනතාව තේරුම් ගනියි දැන්වත්. කෝ මේ බමුණා?
රටට කෙලින්ම ජාතික ධනය උපද්දවන වතු කමකරුවාගේ වැටුප රු. 250 වැඩිකරන්න බැරි මේ ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප 103% වැඩිකලාලු.
කුමන්ත්‍රණය කලේ පොහොට්ටු ලොක්ක නොවෙයි සිරිසෙනයි. උවමනා කලේ රට ඡන්දයකට තල්ලු කරන්නයි. මීලග කුමන්ත්‍රණ කොරන්නේ රටේ ජනතාවයි, නුඹලාට කරන්න දෙයක් මේර 2020 පස්සේ ඉතිරි වෙන්නේ නැත.
විරුද්ධව ඡන්දය නොදී සිටිය 30 දෙනා කව්ද?
මෛත්‍රී, රනිල්, මහින්ද ඩීල් එකක්.
තව තුන්වර කියවීමකුත් තියෙනවා…..එදාටත් ඡන්ද විමසීමක් කෙරෙනවා….
මේ වගේ කපටි පාලකයෝ රැලක්.අය වැය සම්මත වෙනතුරු ඉඳල දුන්න නේද තෙල් වලට. අර පරද්දනවා කියාල දඟලපු අය ඡන්දෙ දීමෙන් වැලකි සිටියාලු. එතකොට හරිද? අපිට පවු .ඊළඟ පාරත් මෙයාල මෙතනට යවල හූල්ල හූල්ල ඉන්ඩ හොඳේ.
"හාම්පුතුන්ගේ කැමැත්තකින් තොරව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජයට හැකියාවක් නෑ." එහෙනම් කම්කරුවෙකුගේ අවම වැටුප මෙපණයි කියා තීරණය කලේ කව්ද? ඒ අවම වැටුප නොගෙව්වොත් ඊට විරුද්දව ක්‍රියා කරන්නේ කව්ද? මෙම කම්කරුවන් වැඩ වර්ජනය කලොත් පාඩු වෙන්නේ හාම්පුතාටද රජයටද? එතකොට මේ ප්‍රශ්නයට රජය මැදිහත් වෙන්නේ නැද්ද.