(අජන්ත කුමාර අගලකඩ,මනෝප්‍රිය ගුණසේකර සහ යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත.
ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/-කින් මෙලෙස ඉහළ දමා ඇතැය වාර්තා වන අතර මාසයක කාලයක් තුළ පෙට්‍රල් මිල ඉහළ දැමු දෙවැනි අවස්ථාව මෙය වෙයි.
ඒ අනුව රුපියල් 254/-ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 333/-ක් වන බව එම සමාගම කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොල 7 මුදල් ඇමති වුණු දවසේ සිට ලංකාවේ ආර්ථිකය බංකොළොත් වුණා...
තව සහන ඉදිරියට...
මුදල් අච්චු ගසා උද්ධමනය ඇති කළ අය වහාම අස්විය යුතුයි. නැතිනම් ඉවත් කළ යුතුයි...
තවතවත් සහන බලාපොරොත්තු වන්න..
කොහොමද සෑපද..? පරිප්පු ග්‍රෑම් 500 දෙන්නේ නේද? කොහොමද තෙල්.. සැපද 69 ට...? ලබන්නා වූ සිංහල අවුරුද්දට එක් කලක් දුන්නා.. පසුව කොරොනා දුන්නා.. දැනුත් දෙනවා.. තව තවත් සහන ඉදිරියටම...
දැන් ඉතින් සිපෙට්කෝලටත් කල්ල මරේ. අපි වලපල්ලටම.
මම නම් කියන්නේ මෙච්චරයි.. රටේ සියලුම ජනතාව එකට එකතුවෙලා මේ අයව ජනතා බලයෙන් ගෙදර යවන්න එකතු වෙන්න ඕනෑ... නැතිනම් වෙන්නේ ඔහේ බලාගෙන ඉන්න... මේකට රජයේ පෞද්ගලි ආයතන සේවකයන් එකතු වෙලා සටන් ව්‍යාපාරයක් දියත් කරමු.
රුපියල වේගයෙන් අවප්‍රමාණය වනවිට තෙල්මිලත් මෙහෙම ඉහළයන එක වළක්වන්න බැහැ. නමුත් රුපියල මෙතරම් වේගයෙන් අවප්‍රමාණය වන්නේ බලධාරීන් ඩොලර් රුපියල් අනුපාතය ස්ථාවර කිරීමට අවුරුදු දෙකකට පෙර ගත් වැරැදි ප්‍රතිපත්තිය නිසයි. ලංකාව වැනි අඩු ආදායම් ලබන රටකට මේ ආකාරයෙන් ඉහළ යන තෙල් මිල කිසිසේත් දරාගත නොහැකිය. දැන් තිබෙන්නේ නැවත ගල් යුගයට ගොස් සීමිත අවශ්‍යතා සහිතව ජීවත්වීම හැර වෙන කරන්න දෙයක් නැත...
අපේ රටේ ආණ්ඩුවක් තියෙන්නේ නමට විතරද? පොඩි එකාට නඩු දාන්නයි, ලොකු එකාට නඩු නිදහස් කරගන්නයි විතරයි වගේ... කරන්න බැරිනම් අයින්වෙලා යන්න ඕනෑ. මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ. ඔක්කොම කතා විතරයි. ආයේ ඇමැති කෙනෙක් කිව්වා බඩු කොහොම හරි දෙනවා කියලා...අන්දරේ වගේ, කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියලා අලුත් අවුරුද්දට තමන්ගේ රටට වෙලා සමරයි..අපේ අය හූල්ලයි පොඩි අය අන්දනකොට... මෙයාලට ලැජ්ජාව, අනිත් කෙනා විඳින දුක ගැන දෙමව්පියෝ කියලා දීලා නැහැ වගේ.
නියමයි...!
"තෙල්මිළ තව තවත් අහසට යයි ඔන්න... දෙවියෝ දනී අප නොදනී ඇයි යන්න.. මේ විදිහට ගියොත් රටකට බැහැ ඉන්න.. සාගත රටක් වෙන එක බැහැ වළකන්න... "
බඩු මිල ටිකක් ගණන් වුණත් ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියන එක අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...!
පොහොට්ටුවට ජයවේවා... වියත්මගට වියතුන්ට ගොරවන නයාට සතුටු ඇති... ඔබට සතුටුයිද දැන්?
ජයවේවා...! ඔබට සතුටුයිද දැන්? අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...!
මේ හලෝ බොරුවට කෑ ගහන්න එපා. ලබන මාසේ වෙද්දී තෙල්මිල, බඩුමිල ඔක්කොම අඩු වෙනවා...
බඩුමිල ටිකක් ගණන් වුණත් ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියන එක අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...! අපි සිංහ වීර පුත්තු... ටිකක් කල් ඉවසන්නකෝ...!
ලංකාදීපයේ ප්‍රතිචාරවලට ඩිස්ලයික් දාන පිරිසක් ඉහළම තැන්වලින් ඇවිල්ලා වගේ...
යුද්දෙට බයේ රටින් පැනලා ගිහින් ... අයියා ජනාධිපති වුණාම නැවත ආවා. විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව... ඔන්න වීරයෝ.. සිංහයෝ වගේ..!
අද මේ රටේ විදේශ බලවේග හමුවේ නිවට පාලනයක් තියෙන්නේ... ජනතාව පීඩාවට පත්කරලා පාලකයෝ සුරසැප විඳිනවා.