(යොහාන් භාසුර)

ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින් ඉහළ දැමූ අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක දක්වා ඉහළ දැමූ බවත් නව මිල අද (8) සිට ක්‍රියාත්මක වන බවත් අයි.ඕ.සී. සමාගම නිවේදනය කළේය.

ඊට අමතරව රුපියල් 551ක් වූ එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 590ක් දක්වා සහ රුපියල් 588ක් වූ එක්ස්ට්‍රා ග්‍රීන් ඩීසල් ලීටරයක මිල රුපියල් 620ක් දක්වා ද ඉහළ දැමූ බවත් ඔටෝ ඩීසල් මිලේ වෙනසක් නොවන බවත් එම සමාගම සඳහන් කළේය.

‘සයිනොපෙක්’ සමාගම ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600 ක් දක්වා මීට පෙර ඉහළ ‘දැමීය.