IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයි.එෆ්.එම් වාර්ෂික රැස්වීම අවසන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දුෂ්කර නමුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජෝර්ජීවා මහත්මිය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බව ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

එසේම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව  ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවන බවට ජෝර්ජීවා මහත්මිය සහතිකයක් ලබාදුන් බව සේමසිංහ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇත.



අදහස් (7)

අයි.එෆ්.එම් වාර්ෂික රැස්වීම අවසන්

Anura Nanayakkara Tuesday, 18 October 2022 08:07 AM

ඔව් ඒක ඉවර උන එක හොඳයි. එබැවින් ශ්‍රී ලාංකිකයන් වන අපි මෙම සාකච්ඡා වල ප්‍රතිඵලය බලා සිටිමු. මුදල් පිළිබඳ කනිෂ්ඨ අමාත්‍යවරයා නියෝජිත පිරිසට මගියෙකු නොවී සාකච්ඡා සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       0       3

Perera Tuesday, 18 October 2022 09:01 AM

ෂෙහාන් සේමසිංහට ආර්ථික විද්‍යාව ගැනවත් මුදල් කළමනාකාරිත්වය ගැනවත් සුදසුකම් තියෙනවද ඔය සමුළු සාකච්චා වලට ගිහින් කතාකරන්න.?

:       1       6

සජීවTuesday, 18 October 2022 09:56 AM

ෂෙහාන් දිල්ලි විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්. ඔහුට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් (MBA) තියෙනවා ව්‍යාපාර කළමණාකරණයට. ඔහු එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence) ව්‍යාපාර සමුහයේ හිටපු කළමණාකරුවෙක්. ටාජ් හෝටල් සමුහයේ හිටපු වෙළඳ ප්‍රවර්ධන අධ්‍යක්ෂ වරයෙක්. ඔහු පොහොට්ටුවේ ඉන්න ප්‍රයෝගික උගත් කමක් ඇති කීප දෙනාගෙන් කෙනෙක්. ඔහු මිත්‍රයෙක් උනත් මම ඔහුගේ දේශපාලනය අනුමත කරන්නේ නැහැ. නමුත් ඔහුගේ දැනුම සහ හැකියාව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.

:       4       3

aseTuesday, 18 October 2022 11:31 AM

අපි නොදන්නා සේමසින්හ. හා හා

:       0       0

ChinthakaTuesday, 18 October 2022 01:06 PM

දැනුම්වත් කිරීම අගය කරනවා

:       0       0

PereraTuesday, 18 October 2022 02:21 PM

ආ..එහෙමද.......එහෙනම් රටෙ ආර්තිකෙ තව ටික දවසකින් ගොඩ යාවි ද????

:       0       0

කිරිපුතා Tuesday, 18 October 2022 10:32 AM

මේක නිකම් පූසට අහුවුණු මී පැටියෙක් වගේ. ⁣එහෙට මෙහෙට දදා සෙල්ලම් කරලා අන්තිමට ඔළුවම කාලා අත අරිනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site