IMG-LOGO

අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා

(සනත් ගමගේ)

අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය  කළ  බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය.

එම ප්‍රදේශයෙන් මේවන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 34 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් කොවිඩ් මධ්‍යස්ථානයේ උපදෙස් වලට යටත්ව දැනට සංචරණ සීමා පනවා ඇති අතර හුදකලා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම් වරයා කීය.

අම්බලන්තොට නගරයට ආසන්න ගම්මානයක් වන හෙයින් හා නගරයේ සති පොල පැවැත්වෙන හෙයින් මහජනතාවගේ යහපත උදෙසා මෙම තීරනය ගත් බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කළේය.

මැලේකොළණිය ප්‍රදේශයේ මේවන විට පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් එක්ව සංචරණ නීති ක්‍රියාත්මක කරමින් ස්ථාන 6 කින් ප්‍රදේශයට ඇතුල්වීම සීමා කර ඇති  අතර අල්අක්බාර් විදුහලද වසා දැමීමට කටයුතු කර ඇත.   



අදහස් (0)

අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 484 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site